BREAKING NEWS
latest

728x90

468x60

Monday, July 31, 2017

මහින්දගේ ට්විටර් පණිවුඩයට මංගලගෙන් අපූරුවට පිළිතුරු

රට පාලනය කිරීමට හිටපු ජනාධිපතිවරයා ගේ උදව් අනවශ්‍ය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ට්ව්ටර් සමාජ ජාලය ඔස්සේ පණිවිඩයක් තබමින් කියා සිටී.

අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ ඉකුත් 26 වැනිදා හිටපු ජනාධිපතිවරයා ට්විටර් සමාජ ජාල සේවාව ඔස්සේ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී ‘රට වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ වෙනත් අයෙකු සමඟ ඕවෑම වේලාවක සාකච්ඡා කිරීම තමන් සූදානම් ‘ බවට කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් ට්විටර් පණිඩයක් නිකුත් කරමිනි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයට වැඩිදුරටත් පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩයෙන් මෙසේද කියා සිටී.

ඇත්ත වශයෙන්ම රට පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබේ උපදෙස් අපට අවශ්‍ය නොවේ. ඔබගේ සිටි කාලය තුළ මේ රට සම්පූර්ණයෙන්ම අවුල් ජාලයකට පත් කළා.අපි පිරිසිදු කරමින් සිටින්නේ ඒ සියලූ දේයි .ඒ නිසා ඊට ඔබගේ උදව් අනවශ්‍ය යැයි‘ සඳහන් කර තිබිණි
« PREV
NEXT »