Get all the latest news and hot gossip, gossip Lanka news, Sri Lanka exclusive news, Sri Lankan daily hot Sinhala and English gossip news and much more on gossip99.com

Healthy Tips

Advertisements

Loading...

KELIBIMA

CONTACT EDITOR

FACEBOOK

Loading...

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට කොළඹ දිස්ත්‍රීක්කයේ එජාප කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා අරලියගහ මන්දිරයේ කාර්යාල කාමරයක් හා විශේෂ බලතල ලබාදී ඇතැයි අන්තර්ජාල සහ සති අන්ත පුවත්පත් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

අරලියගහ මන්දිරයේ අංක 105 දරන කාමරය රවී කරුණානායක මහතාට අදාළ කාර්යාලය පවත්වාගෙන යාම සඳහා පහසුකම් සපා ඇති බවද එම පුවත් වාර්තාවල සඳහන්වේ.

කැබිනට් මණ්ඩලයට පිටින් කැබිනට් බලතල සහිත ඇමති ධුරයක් හා සමාන තනතුරක් ඔහුට ලබා දී ඇති බවත් ඔහු රාජ්‍ය ලාංඡන සහිත ලිපි ශීර්ස යොදාගෙන ඇමතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ට උදෙස් ලබාදීමේ බලය අග්‍රාමාත්‍යවරයා විසින් ලබා දී ඇති බවත් 'ලංකා ට්රුත්' වෙබ් අඩවියේ සඳහන් වේ.

එම පුවත් වාර්තාවට අනුව, හිටපු ඇමතිවරයා මේ කටයුත්තට යොදාගෙන තිබෙන්නේ ‘ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන – 2017’ නමැති ව්‍යාපෘතියයි.

එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් දේශපාලන ව්‍යාපෘතියක :

''දැනට සාමාන්‍ය මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරමින් රාජ්‍ය නිල ලාංඡනය සහිත ලිපි ශීර්ෂ යොදා ගෙන එක්සත් ජාතික පක්ෂයේ සියලුම කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ටත්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සහ ආසන සංවිධායකවරුන්ටත් 2017 අගෝස්තු 22 දාතමින් යුතුව යොමු කර ඇති ලිපියකින් මෙකි කාරණා අනාවරණය වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා නීති විරෝධී ලෙස රාජ්‍ය ලාංඡනය තම ලිපි ශීර්ෂවල භාවිත කරමින් සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් රජයේ මුදල් වැය කරන දේශපාලන ව්‍යාපෘතියක නිරත වී සිටින බව මේ අනුව අනාවරණයවේ.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මඟින් ලබන සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත උක්ත ව්‍යාපෘතිය සඳහා මැතිවරණ කොට්ඨාසයකට රුපියල් කෝටි 02 බැගින් ප්‍රතිපාදන දීමට අදාළ ෆෝරමයක්ද එම ලිපය සමග යොමු කර ඇති අතර එය පුරවා එවන ලෙසද දන්වා ඇත.

ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර විමසීමට දුරකතන අංක 02ක්ද ඔහු යැවූ ලිපියේ සඳහන් කර ඇති අතර ඊට ඇමැතීමේදී ඒවා රවි කරුණානායක මහතාට අරලියගහ මන්දිරයෙන් වෙන්කොට ඇති අංක 105 දරන කාර්යාලයෙන් බවද හෙළිවී තිබේ.

රවි කරුණානායක මහතා එම ලිපිය යොමු කොට තිබෙන්නේ අගමැති, එජාප මහ ලේකම්, සභාපති ඇතුළු එජාපයේ ඇමැතිවරුන් 10 දෙනකුට පිටපත් යොමු කරමිනි.

එමෙන්ම අදාළ ව්‍යාපෘතිය පිළිබඳ අඩි 4×3 ප්‍රමාණයේ නාම පුවරුවක් ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ස්ථානයේ සවි කරන ලෙසද ඒ සඳහා රුපියල් 6,000කට නොවැඩි මුදලක් ව්‍යාපෘති ඇස්තමේන්තුවට ඇතුළත් කරන ලෙසද කරුණානායක මහතා එම ලිපියෙන් උපදෙස් දී ඇත.

If You Like To Help Us
Gossip Lanka - Gossip99
wmf.a kj;u mqj;a my;ska n,kak
gossip , gossip Lanka, col3neg ______________________________________________________________
© 2016 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - Contact Here
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Paid Ads

Ananmanan

GOSSIP99

BOOK MARK

VIDEO PORTAL