BREAKING NEWS
latest

728x90

468x60

Sunday, August 13, 2017

වසර 17කට පසුව අර්ජුන නැවතත් ක්‍රිකට් පිටියට

අර්ජුන රණතුංග, 1996 ලෝක ක්‍රිකට් කුසලානය දිනූ නායකයායි. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තේ අද වගේ දවසක මීට වසර 17කට පෙරදීය. එනම් 2000 වසරේ අගෝස්තු මස 10 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයේදීය. එය 2000 වසරේ දකුණු අප්‍රිකාව සමඟ පැවැති ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයයි. තරගය පැවැත්වුණේ කොළඹ එස්. එස්. සී. පිටියේදීය. එයින් වසර 17කට පසුව නැවත වරක් අද අර්ජුන රණතුංග ක්‍රිකට් පිටියේ තණතිල්ලට පිතිකරුවකු ලෙස පැමිණියේය. ඒ නීතිඥවරුගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක අවස්ථාට එක් වෙමිනි. මීට වසර 17කට පෙරදී තම විශිෂ්ට ක්‍රීඩා විලාසය සිහි ගන්වමින් අර්ජුන රණතුංග සංකේතාත්මකව පන්දුව පහර දීමට මෙහිදී අමතක කළේ නැත.

නීතිඥවරුන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මෙවර සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි. ටෙස්ට් ක්‍රීඩා කරන සියලු රටවල කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගි වේ. Cricket Of friendship යන තේමාව යටතේ 2007 වර්ෂයේදී ආරම්භ කෙරුණු තරගාවලිය පැවැත්වෙන්නේ වසර දෙකකට වරක්ය. පසුගිය තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ පාකිස්ථානයයි. මෙවර තරගාවලියේ අවසන් තරගය ලබන 20 වැනිදා පැවැත්වේ.
« PREV
NEXT »