BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, August 15, 2017

ශිරන්තිගේ 2020 ප්‍රචාරක ව්‍යාපාරය CIDය ඉදිරිපිටින් ඇරඹේ

ශිරන්ති රාජපක්ෂ අද (15) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යන විට ඒකාබද්ධ විපක්ෂයෙන් සෙනඟ ගෙන්වා මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වීම මේ වන විට ස්ථිර වී ඇති අතර මෙය භාර වී ඇත්තේ විමල් වීරවංශ මන්ත්‍රී වරයාට ය. විමල් වීරවංශ මීට පෙර ද එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ ගරා යකා නැටීම, ලෙමන් පෆ් කමින් මාරාන්තික උපවාස කිරීම වැනි මාධ්‍ය සංදර්ශන සාර්ථක ලෙස සංවිධානය කර ඇති නිසා මෙය ද ඔහුට ම භාර වී ඇත. 

වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අද දිනයේ ශිරන්තිගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනෙනු ඇති අතර ඇයව අත් අඩංගුවට ගැනීමක් අද දිනයේ සිදු නොකෙරෙණු ඇත. එසේ ප්‍රකාශය ලබා දී ශිරන්ති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණෙන මොහොතේ විමල් ඇතුළු රාජපක්ෂවාදීන් විසින් මල් මාලා දමමින් ඇයව පිළිගෙන මාධ්‍ය ඉදිරියේ හැඟීම්බර නාටකයක් නැටීමට පිටපත සහ කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. 



මිනීමැරුම් අපරාධයකට අදාලව ප්‍රශ්න කිරීමට ලක්වන ශිරන්තිව මෙසේ පාක්ෂිකයින් විසින් උත්සවාකාරයෙන් පිළිගැනීම ඇයව 2020 ජනාධිපතිවරණ අපේක්ෂිකාව කරවීමේ පළමු පියවර වනු ඇත. පළමුවෙන් ඇය වෙත ජනතා අනුකම්පාව දිනාගෙන ක්‍රමිකව ඇයව දේශපාලනික චරිතයක් බවට ඔසවා තැබීම මහින්ද රාජපක්ෂගේ වුවමනාව වී තිබේ. මෙතෙක් ප්‍රශ්න කිරීම් වලට ලක් වුණු බැසිල්ට හෝ ගෝටාබයට නොදුන් ආකාරයේ අමුතුම පිළිගැනීමක් ශිරන්ති වෙනුවෙන් විශේෂයෙන් ම සූදානම් කෙරෙන්නේ එහෙයිනි. මෙය රාජපක්ෂ පවුලේ සාමාජිකයින් අතර පවතින බල පොරය ද අලුත්ම මානයකට ගෙන යනු ඇත.

කෙසේ වෙතත් තාජුඩීන් ඝාතන පරීක්ෂණය පිළිබඳව තතු දත් ආරංචි මාර්ග නම් සඳහන් කරන්නේ ශිරන්ති රාජපක්ෂව ඒකාබද්ධ විපක්ෂයේ ජනපතිවරණ අපේක්ෂිකාව ලෙස නම් කරගනු ලැබුවද ඇයට 2020 දී ඡන්දය ඉල්ලීමට නම් සිදුවනු ඇත්තේ බන්ධනාගාර ගතව සිටිමින් බවයි.

LNW
« PREV
NEXT »