BREAKING NEWS
latest

728x90

468x60

Saturday, August 26, 2017

20 ට පිටුපෑ ඌවේ එජාප මන්ත්‍රීන්ට විනය පියවර

පළාත් සභා සියල්ලේම මැතිවරණය එකම දිනෙක පැවැත්වීමට අදාළ යෝජනාව සහිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධනයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ ඌව පළාත් සභාවේ එක්‌සත් ජාතික පක්‍ෂ නියෝජිතයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්‍ෂ නායකත්වය තීරණය කර ඇත.

ඌව පළාත් සභාවේ පෙරේදා (24 වැනිදා) පැවැති මාසික රැස්‌වීමේදී ඉදිරිපත් වූ මෙම යෝජනාවට විරුද්ධව ඡන්ද 12 ක්‌ ලැබිණි.

එහිදී එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව වැඩි ඡන්ද 07 කින් යෝජනාව පරාජයට පත්විය.
« PREV
NEXT »