BREAKING NEWS
latest

728x90

468x60

Monday, August 21, 2017

විජේදාස අද සවස 6.30ට කල් පනියි ?

කැබිනට් මණ්ඩලයේ සාමුහික තීරණය කඩකරමින් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කර ඇතැයි කියන ප්‍රකාශය නිවැරදි කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ලබාදී ඇති කාලය අද (21) සවස 6.30ට අවසන්වේ.

'හම්බන්තොට වරාය ආපසු අරගෙන තමයි පස්ස බලන්නේ' යනුවෙන් තමා ප්‍රකාශ නොකළ බව කෘත්‍යාධිකාරි මණ්ඩලය හමුවේ ඔහු සඳහන් කළ අවස්ථාවේ, එසේ නම් 21 දා වන විට එය නිවැරැදි කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ඔහුට ලබාදුන් උපදෙස් සම්බන්ධයෙන් ඊයේ (20දා) වන විටත් අධිකරණ ඇමැතිවරයා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව එජාප ජේ‍යෂ්ඨ ඇමැතිවරයෙක් පැවසිය.

අධිකරණ අමාත්‍යවරයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට එජාප මන්ත්‍රි කණ්ඩායම අද (21දා) සවස 6.30ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී රැස්වීමට නියමිත අතර එහිදී ඔහු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව එකී මැති ඇමැති පිරිස සඳහන් කරති.

තවදුරටත් මෙම ප්‍රශ්නය කල් වැරීමට ඉඩ තැබිය නොහැකි බවද ඔවුහු පෙන්වා දෙති.

අධිකරණ ඇමැතිවරයාට එරෙහිව කෘත්‍යාධිකාරි මණ්ඩල යෝජනාව සම්මත වූ අවස්ථාවේ අගමැතිවරයා එජාප පාර්ලිමේන්තු කණ්ඩායමට දන්වා ඇත්තේ සඳුදා (21දා) වන විට ඒ පිළිබඳව ශුභවාදී ප්‍රතිචාරයක් දැක්වීමට හැකිවනු ඇති බවයි.


ගෞරවය රැකගෙන අස්වෙන්න :


අධිකරණ අමාත්‍යවරයා කෙරෙහි එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සහ එජාප මන්ත්‍රි කණ්ඩායම තුළ කිසිදු විශ්වාසයක් නොමැති බැවින් ඔහු එම තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බවට ඒකමතිකව තීරණය වී ඇති බැවින් තම ගෞරවය රැකගෙන එම තනතුරෙන් ඉල්ලා අස්වීම ඔහුගේ වගකීමක් බව එජාප නියෝජනය කරන මැති ඇමැතිවරු පිරිසක් පෙන්වා දෙති.

එසේ තිබියදී පෙරේදා (19දා) අනුරාධපුර ප්‍රදේශයේ පැවැති උත්සවයකදී අධිකරණ අමාත්‍යවරයා රජය බරපතළ ලෙස විවේචනය කරමින් සඳහන් කර ඇත්තේ තමන් කිසි විටෙක එම තනතුරෙන් ඉවත් නොවන බව යැයි පෙන්වා දෙන එම මැති ඇමැතිවරුන් පිරිස පක්ෂයේ බරපතළ විරෝධය මැද ඔහුට තවදුරටත් එම තනතුරේ රැඳී සිටිය හැකි දැයි නැවත වරක් සිතා බැලීමට අවස්ථාව ඉතිරිව ඇති බවද සඳහන් කරයි.

ඉකුත් 17දා පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමෙන් පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේ අගමැතිවරයා ඔහුට අවධාරණය කර ඇත්තේ පවතින වාතාවරණය යටතේ තවදුරටත් අධිකරණ අමාත්‍ය ධුරයේ රැඳී සිටීමට හැකියාවක් නොමැති නිසා ජනාධිපතිවරයා සමඟද සාකච්ඡා කොට වෙනත් විකල්පයකට යෑම වඩාත් සුදුසු බව යැයි දැනගන්නට ඇත.



අගමැතිගෙන් එජාප මන්ත්‍රීවරුන්ට කැඳවීමක් 


අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි. 

පසුගිය බ්‍රහස්පතින්දා පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විශ්වාසය තැබිය නොහැකි බවට පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ යෝජනාවක්ද සම්මත වී තිබුණා. 


මේ නිසා ඔහු අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත්විය යුතු බවයි ඔවුන්ගේ මතය වී තිබුණේ. 



පැය 03 කට ආසන්න කාලයක් පැවති මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට අමාත්‍ය විජේදාස රාජපක්ෂද එක්ව සිටි අතර, එය උණුසුම් මුහුණුවරක් ගෙන තිබූ බවයි වාර්තාවුණේ.
« PREV
NEXT »