BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, August 01, 2017

ඒකාබද්ධය ගැන කතානායකවරයාට පැමිණිලි


පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසු අශෝභන ලෙස සභා ගර්භයේ හැසිරුණු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කතානායකවරයාට පැමිණිලි කරන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සදහන් කර සිටි.

ඉකුත් 28වනදා පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇතිවූ නොසන්සුන්තාවක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු අගෝස්තු 04 වන දින දක්වා කල්තැබීමට කතානායක කරු ජයසූරිය මහතා විසින් තීරණය කළේය.


ඛනිජ තෙල් බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ගැසට් නිවේදනයට අදාළව එදින පෙරවරුවේ ඡන්දවිමසීමක් පැවත්වෙමින් සි‍ටියදී ඒ අතරතුර නොසන්සුන්තාවක් හටගන්නා ලදි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙනයාමට නොහැකි අයුරින් විපක්‍ෂයේ මන්ත්‍රීවරු බාධා පැමිණීම හේතුවෙන් මෙලෙස පාර්ලිමේන්තුව කල්තැබීමට කටයුතු කළේය.

කතානායකවරයා පාර්ලිමේන්තුව කල් තබනු ලැබීමෙන් පසුව එසේ විරෝධය දැක්වූ මන්ත්‍රි කණ්ඩායමේ කොටසක් සභාවේ රැඳී සිට ‘විකට’ පාර්ලිමේන්තුවක් පැවැත්වීම සිදු කර තිබුණේය.

එක් මන්ත්‍රිවරයකු මන්ත්‍රිවරුන් කැඳවීමේ සීනුව නාද කර ඇති අතර තවත් මන්ත්‍රිවරයකු කතානායක නිල අසුනේ වාඩිවී ඇත. අනතුරුව මන්ත්‍රිවරුන් දෙදෙනකු ආණ්ඩුව විවේචනය කරමින් කතා කර තිබේ. ඒ අතර එක් මන්ත්‍රිවරයකු ගොස් ජනාධිපතිවරයාට වෙන්කර ඇති අසුනේ වාඩිවීමෙන් පසු සෙසු මන්ත්‍රිවරුන් අත්පොළසන් දී ඇතැයි ද වාර්තා වේ.
« PREV
NEXT »