BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, August 09, 2017

රවි ගැන ජනපතිගේ තීන්දුව සති දෙකකින් - රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන කියයි

විදේශ ඇමැති රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ ජනාධිපතිතුමා වැදගත් තීන්දුවක්‌ ගනු ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (8 දා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

ඒ අනුව රටේ ජනතාව මේ මොහොතේ අපේක්‍ෂා කරන නිවැරදි තීන්දුව ජනාධිපතිතුමා ගනු ඇතැයිද ඇමැතිවරයා කීවේය.

චෝදනා එල්ලවූ විට ඇමැතිවරුන් ඉල්ලා අස්‌ වෙනවා නම් හොඳයි. චෝදනා එල්ලවූ අය පක්‍ෂයට ආදරේ නම්, රටට ආදරේ නම් ආණ්‌ඩුව අපහසුවට පත් නොකර ඒ තීන්දු අරගන්න ඕනෑ. තමන් නිවැරදි නම් වරදක්‌ කරල නැත්නම් නැවත ඔවුන්ට සිටි තැනටම පැමිණීමට හැකි යෑයිද ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවේය.

රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංගය එන්න කලින් වෙන්න ඕනෑ දේවල් ගොඩක්‌ තිබෙනවා. අපි කලබල විය යුතු නෑ. එහෙම නොවෙනව නම් අපි එදා හිටපු ස්‌ථාවරය පරිදිම ක්‍රියා කරනවා. එදා හිටපු මහ බැංකු අධිපතිවරයා ජනාධිපතිතුමා විසින් ඉවත් කළේ ඔහු තබාගෙන මේ ගැන පරික්‍ෂණ නොකළ යුතුය යන පදනම මතයි. ඒ නිසා ඉදිරි සති දෙක තුළ ජනාධිපතිතුමා නිවැරදි තීන්දුව ගනියි. හිටපු මහ බැංකු අධිපතිවරයා ඉවත් කරන්න තීන්දුව ගත්ත වගේම මෙහිදී ද ජනාධිපතිතුමා තීන්දුවක්‌ ගනියි.

මේ කොමිසම මගින් මහජනතාව නොදන්නා බොහෝ දේවල් මාධ්‍ය හරහා දැන ගත්තා. සමහර අය මැදිහත්වෙලා ක්‍රියා කළේ කොහොමද කියලා දැන ගත්තා. ඒ නිසා මේක දේශපාලනඥයන්ට ලොකු පාඩමක්‌. දේශපාලනඥයන්ගේ චරිතය නිකං ඝාතනය කරන්න බෑ. එහෙම කළත් ඔහු නිවැරදි නම් ඒව නිවැරදි වෙනවා. ඒ නිසා දේශපාලනඥයන් තමන්ගේ චරිතය ඝාතනය නොවන ආකාරයට හැසිරිය යුතු යෑයිද ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා තවදුරටත් කීවේය.

« PREV
NEXT »