BREAKING NEWS
latest

728x90

468x60

Friday, August 18, 2017

අන්තර්ජාල බදු – යතුරු පැදි බදු ඉවතට - මංගලගෙන් සහන මල්ලක්! -විස්තර ඇතිව මෙන්න

දුලි සංදේශ බදු

අන්තර්ජාල සේවා මත පනවා තිබූ, 10% ක විදුලි සංදේශ බද්ද සැප්තැම්බර් 1 වනදා සිට සම්පූර්ණයෙන් ඉවත් කරණ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

පසුගිය අයවැය යෝජනාව මගින් රු.100 ක Data කාඩ් පතකට අයවන මුළු බදු මුදල රු.24.11 සිට රු.33.22ක් දක්වා වැඩිවන අතර එම නිසා Data සඳහා භාවිතා කළ හැකි මුදල රු.75.89 සිට රු.66.78 දක්වා අඩු ව්න.

අන්තර්ජාල භාවිතයෙන් නව දැනුම ලබා ගැනීම සඳහා ඇති ඉඩකඩ පුළුල් කිරීමේ අරමුණින් ඉහත අයවැය යෝජනාව ක‍්‍රියාත්මක නොකිරීමට තීරණය කළ අතර දැනට පවතින 10% ක විදුලි සංදේශ බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට මේ වන විට රජය තීරණය තිබේ.

ඒ අනුව පාරිභෝගිකයින්ට රු.100 ක Data කාඩ් පතක් සඳහා රු.83.48 ක Data ප‍්‍රමාණයක් භාවිතා කළ හැකි වන අතර රජයට ලැබෙන බද්ද රු. 16.52 ක් පමණි. මෙම බදු අඩු කිරීම විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීමෙන් පසු ක‍්‍රියාත්මක වනු ඇත.

කුඩා ලොරි රථ සහ Single Cab රථ

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර කටයුතු දිරිගැන්වීමේ අරමුණින් කුඩා ලොරි රථ සහ Single Cab රථ ආනයනයේ දී දැනට අය කරන රු. ලක්‍ෂ 10ක් වූ නිෂ්පාදන බදු මුදල අද (17) දින මධ්‍යම රාත‍්‍රියේ සිට රු. ලක්‍ෂ 7ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ. මේ අනුව කුඩා ලොරි රථ සහSingle Cab රථ වල මිල රු. ලක්‍ෂ 3 කින් අඩුවනු ඇත.

යතුරුපැදි

එන්ජින් ධාරිතාව 150CC වලට වඩා අඩු යතුරුපැදි සඳහා දැනට අය කරනු ලබන වටිනාකම මත සියයට 90 ක බද්ද අද (17) මධ්‍යම රාත‍්‍රියේ සිට ඉවත් කරනු ඇත. ඒ අනුව අද මධ්‍යම රාත‍්‍රියේ සිට 150CC වලට වඩා අඩු යතුරුපැදි සඳහා බදු අය වනුයේ එන්ජින් ධාරිතාව මත පමණක් වන අතර එය යතුරු පැදියේ ආනයනික වටිනාකම මත රඳා නොපවතී.
මෙම බදු සංශෝධනය මගින් උසස් තත්ත්වයෙන් යුතු යතුරුපැදි පහසු මිලට මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සැලසෙනු ඇත.

« PREV
NEXT »