BREAKING NEWS
latest

728x90

468x60

Saturday, August 19, 2017

ලොතරැයි අධ්‍යක්ෂවරුන්ට අස්වෙන්න නියෝග

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයිය මුදල් අමාත්‍යවරයාගේ විෂය පථයට යටත්කරමින් නිකුත් කිරීමට නියමිත ගැසට් නිවේදනයට අද (18) අත්සන් තබා තිබේ.

මේ අතර එහි අධ්‍යක්ෂවරුන්ට සිය ඉල්ලා අස්වීම් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් දන්වා ඇතැයි ද පැවසේ.

ජනාධිපතිවරයා විසින් පසුගියදා සිදු කරන ලද කැබිනට් සංශෝධනයේදී එතෙක් මුදල් ඇමති පදවිය හෙබැවූ රවි කරුණානායක මන්ත්‍රීවරයා විදේශ කටයුතු ඇමතිවරයා වශයෙන් පත්කරන ලද අතර, එවකට විදේශ කටයුතු ඇමතිවරයා වූ මංගල සමරවීර මන්ත්‍රීවරයා මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්කරන ලදි.

ඉන් අනතුරුව ව්‍යවස්ථාවේ 43 වැනි වගන්තිය ප්‍රකාර නව අමාත්‍යවරුන්ට අදාළ ආයතන ගැසට් කිරීමේදී ජනාධිපතිවරයා විසින් ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයිය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ විෂය පථය යටතට පත්කරනු ලැබීය.

එහෙත් ජාතික ලොතරැයි මණ්ඩලය ස්ථාපනය කෙරුණු 1963 වර්ෂයේ සම්මත වූ මුදල් පනත ප්‍රකාර ලොතරැයි මණ්ඩලය භාර අමාත්‍යවරයා ලෙස නිර්වචනය කර ඇත්තේ මුදල් විෂය භාර අමාත්‍යවරයා බව මීට පෙර මාධය වාර්තා කර තිබිණි.
« PREV
NEXT »