BREAKING NEWS
latest

728x90

468x60

Sunday, August 27, 2017

එජාප ඡන්ද සටන රත්නපුරෙන්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය ඉලක්ක කරගෙන එක්සත් ජාතික පක්ෂය සිය මැතිවරණ සටන රත්නපුරයෙන් ආරම්භ කිරීමට සූදානම් වන බව අනාවරණය වෙයි.

ඒ අනුව සැප්තැම්බර් මස 6 වැනි දින බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබූ එජාප 71 වැනි මහා සම්මේලනය එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුරයේදී පැවැත්වීමට එම පක්ෂය සැලැසුම් කර තිබේ.
රත්නපුරයේ පැවැත්වෙන 71 වැනි එජාප මහා සම්මේලනයෙන් පසු දිස්ත්‍රික්ක මට්ටමෙන් රැස්වීම් මාලාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, දැඩි අර්බුදයක තිබූ මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියා මාර්ගයන්ද ක්‍රමයෙන් යහපත් තත්ත්වයට පත් වෙමින් පවතින ආර්ථිකය උපයෝගී කරගෙන ඉදිරි වසර කිහිපයේදී ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා පියවර පිළිබඳව ඇතුළු රටේ සමස්ත ආර්ථිකය නංවාලන ආකාරය පිළිබඳවද අගමැතිවරයා විසින් ජනතාව දැනුවත් කිරීමට නියමිතය.
« PREV
NEXT »