BREAKING NEWS
latest

728x90

468x60

Monday, August 21, 2017

අජාගේ දුවගේ මගුලේදී මර්වින් යළි නාමල්ට සෙට්වෙයි

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා හා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජක්ෂ මහතා පසුගිය (18) රාත්‍රියේ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී හමුවී ඇතැයි වාර්තා වේ. ඔවුන් එහිදී බදාගෙන අත්වලින් අල්ලාගෙන කතාබස් කර ඇති බව පැවසේ.

මේ හමුව සිදුව ඇත්තේ එම හෝටලයේ පැවැති “අජා” නම් ව්‍යාපාරිකයාගේ දියණියගේ විවාහ මංගල්‍ උත්සවයේදීය.

එම විවාහ මංගල්‍යට රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතවතකු බව පැවසෙන මරදාන සුදුවැල්ල ප්‍රධාන සංවිධායක කිත්සිරි රාජපක්ෂ මහතා (මරදානේ චොප්පෙගෙ පුතා) ද එක්ව සිට ඇත.

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු (පිස්තෝල එරාජ්) මහතා ද මේ විවාහ මංගල්‍යයේ ආරාධිතයන් අතර සිටි බව වාර්තා වේ.

විවාහ මංගල්‍ය උත්සවයට එක්වූ මර්වින් සිල්වා මහතා “සුදු සඳේ කළු වළා” යන ගීතයද ගායනා කර ඇත.

රාජපක්ෂ – මර්වින් විරසකවීම

මර්වින් සිල්වා රාජපක්ෂලා හා විරසකවීමට හේතුවූයේ මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වාට ඔඩෙල් සාප්පු සංකීර්ණයේ මෝටර් රථ ගාලේදී ජනාධිපති ආරක්ෂකයන් විසින් තුවාල සිදුවන අයුරින් පහරදීම නිසාය.

මාලකට එසේ පහරදී තිබුණේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂගේ යෙහෙළියකට උසුළු විසුළු කිරීම නිසා බව පැවසේ.
« PREV
NEXT »