BREAKING NEWS
latest

728x90

468x60

Monday, August 28, 2017

ශිරන්තිගේ ටොරින්ටන් නිවස යට කළු සල්ලි උල්පතක ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ රුපියල් මිලියන 300 ක් වැය කර, කොළඹ ටොරින්ටන් ප්‍රදේශයේ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදු කළ විමර්ශනයට අදාළ වාර්තාවක් නීතිපතිට යවා තිබේ. 

කොළඹ - 07, ටොරින්ටන් ඇවනිව් හි අංක 260/12 දරන ස්ථානයේ පිහිටි මේ නිවස මිලදී ගැනීමට අදාළ මුදල උපයාගත් ආකාරය හෙළිකිරීමට අපොහොසත් වීම නිසා කළු සල්ලි සුදු කිරීම හෙවත් මුදල් විශුද්ධිකරණය යටතේ ශිරන්ති රාජපක්ෂට චෝදනා එල්ල වී තිබේ. ඊට අදාළ ව නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ඉල්ලා ඇත. මේ නිවස සහ ඉඩම මිලදී ගැනීමේ සිද්ධියට නන්දන ලොකුවිතාන නමැත්තකු ද සම්බන්ධ වී ඇති බව අනාවරණය වී තිබේ. පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් ඩුබායි මැරියට් හෝටලයේ හිමිකරුවා ලෙස පෙනී සිටියේ ද රාජපක්ෂ පවුල සමඟ සමීප සබඳතා පැවැත් වූ නන්දන ලොකුවිතාන නමැති ව්‍යාපාරිකයෙකි.

2000 වසරේ සහ ඒ ආසන්න කාලයේ දී මහින්ද රාජපක්ෂ පවුල මේ නිවසේ පදිංචි වී සිට ඇති අතර, පසුගිය ආණ්ඩුව කාලයේ දී පිහිටවූ සහ වෙනත් කුප්‍රකට ගනුදෙනු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සිරිලිය සවිය, නිල් බළකාය සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානවල ලිපින ලෙස ද දක්වා තිබී ඇත්තේ ද මේ නිවසේ ලිපිනය ය. මේ වනවිට අදාළ නිවස ගබඩාවක් ලෙස භාවිතා කරන බව ද වාර්තා වේ.

-පරාක්‍රම දිසානායක
« PREV
NEXT »