BREAKING NEWS
latest

728x90

468x60

Friday, August 18, 2017

විජයදාස ගැන තීරණයක්‌ ගන්න එජාපයෙන් කමිටුවක්‌

අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා එම ධුරයෙහි තවදුරටත් කටයුතු කළ යුතුද නැද්ද යන්න සම්බන්ධව නිර්දේශ කිරීමට විශේෂ කමිටුවක්‌ පත් කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.

එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17 දා) සිරිකොත පැවති පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩල සහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී මෙම තීරණයට එළැඹි බව එහි මාධ්‍ය ප්‍රකාශක අකිල විරාඡ් කාරියවසම් මහතා පැචසීය.
විවිධ තර්ක විතර්ක හමුවේ මෙම රැස්‌වීම උණුසුම්කාරී විය. විජයදාස රාජපක්‍ෂ ඇමැතිවරයා සම්බන්ධව තීරණයක්‌ ගැනීමට අගමැති විසින් ඉදිරි දිනකදී මෙම විශේෂ කමිටුව පත් කරනු ඇතැයි අකිල විරාඡ් කාරියවසම් මහතා කීය.

සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩලය රැස්‌වූ අතර ඒ සඳහා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වද කැඳවා එය ඒකාබද්ධ රැස්‌වීමක්‌ වශයෙන් පවත්වා තිබේ.

වෙනත් දිනවල කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීම සඳහා න්‍යාය පත්‍රයක්‌ තිබුණද ඊයේ න්‍යාය පත්‍රයකින් තොරව විශේෂිත රැස්‌වීමක්‌ ලෙස එය පැවැත්විණි.

රාජපක්‍ෂවරුන්ව සහ පසුගිය රජයේ වංචනිකයින්ට එරෙහිව මෙතෙක්‌ හරිහැටි නීතිය ක්‍රියාත්මක කිරීමට අධිකරණ ඇමැතිවරයා ඇතුළු නීති අංශ කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මේ රැස්‌වීම කැඳවා තිබිණි.

නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා මෙහිදී පළමුව අදහස්‌ දක්‌වා තිබේ. පසුගිය රජයේ හොරුන් අත්අඩංගුවට ගැනීමට මෙතෙක්‌ ක්‍රියා නොකිරීම සම්බන්ධව නි. ඇමැතිවරයා විසින් අධිකරණ ඇමැති ඇතුළු නීති අංශ දැඩි දොaෂ දර්ශනයට ලක්‌ කොට ඇත.

අජිත් පී. පෙරේරා මහතාට අමතරව ගාමිණී ජයවික්‍රම පෙරේරා, හරීන් ප්‍රනාන්දු, සරත් ෙµdන්සේකා, නවීන් දිසානායක, අශෝක්‌ අබේසිංහ, නලීන් බණ්‌ඩාර, රංජන් රාමනායක, රුවන් විජයවර්ධන, චන්දිම ගමගේ, රවීන්ද්‍ර සමරවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක්‌ ද මෙහිදී පසුගිය ආණ්‌ඩුවේ දූෂිතයින් මෙතෙක්‌ නීතියේ රැහැනට හසුකර ගැනීමට නොහැකිවීම සම්බන්ධව දැඩි ලෙස ආණ්‌ඩුවට දොස්‌ පවරමින් අදහස්‌ දක්‌වා තිබේ.

පසුගියදා විදේශ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වූ එක්‌සත් ජාතික පක්‍ෂ උප නායක රවී කරුණානායක මහතා ද මෙහිදී වහාම හොරුන් ඇල්ලිය යුතු යෑයි පවසා තිබේ.

මෙහිදී බොහෝ මැති ඇමැතීන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතාට ඉල්ලා අස්‌වන ලෙසත් ඔහු හිතාමතාම හොරුන් ඇල්ලීම ප්‍රමාද කිරීමට සහ නඩු යට ගැසීමට කටයුතු කරන බවටත් දැඩි ලෙස චෝදනා නගා ඇත.

මෙහිදී අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා අදහස්‌ දක්‌වමින් කියා ඇත්තේ පසුගිය රජයේ දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම තමාට කළ නොහැකි බවයි.

එහෙත් එම ප්‍රකාශයට එහි සිටි කෘත්‍යාධිකාරී මණ්‌ඩල සාමාජිකයන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම් සාමාජිකයන්ද එක හෙළාම විරෝධය දක්‌වා ඇත.

එමෙන්ම හම්බන්තොට වරාය නැවත කෙසේ හෝ පවරා ගන්නා බවට තමා ප්‍රකාශයක්‌ කළේ නැතැයිද මෙහිදී විජයදාස රාජපක්‍ෂ ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් ඇමැතිවරයාගේ එම ප්‍රකාශ පිළිගැනීමට කිසිවකු එකඟ නොවූ බවත් මෙම විශේෂ රැස්‌වීම අවසානයේදී අගමැතිවරයා සහ විජයදාස රාජපක්‍ෂ මහතා පමණක්‌ වෙනමම විශේෂ සාකච්ඡාවක නිරත වූ බවත් එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩල සාමාජිකයෙක්‌ "දිවයින"ට පැවසීය.

මෙම රැස්‌වීමේදී විජයදාස රාජපක්‍ෂ මහතා අධිකරණ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌විය යුතු බවට මන්ත්‍රීවරුන්ගෙන් දැඩි බලකිරීම් එල්ල විය. ව්‍යවස්‌ථාවේ ඇති ප්‍රතිපාදන යටතේ කෙසේ හෝ අධිකරණ ක්‍රියාවලිය වේගවත් කොට හොරුන් ඇල්ලීමට ක්‍රියා කළ යුතු බවට ද මෙහිදී තීරණය විය. ඒ සඳහා නීතිපතිවරයා සමඟ සාකච්ඡා කළ යුතු බව අකිල විරාඡ් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.
« PREV
NEXT »