BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, August 16, 2017

ක්‍රිකට් සභාපති වහාම අස්කළ යුතුයි අමාත්‍ය අර්ජුන රණතුංග කියයි

දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවලින් දරුණු ලෙස පරාජය වීම හේතුවෙන් ක්‍රිකට් සභාපති එම ධුරයෙන් වහාම ඉවත් කළ යුතු බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඉදිරියේදීවත් තරග ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම් ක්‍රිකට් පරිපාලනයට සුදුසු පුද්ගලයින් පත් කළ යුතු බවද ඔහු අවධාරණය කරයි. ඔහු මේබව කියා සිටියේ අද (15) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සභාගි වී පිටතට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.



“විශේෂයෙන්ම මේ කාලය ක්‍රිකට් ක්‍රීඩාවේ නරකම කාලයක්. වැරදි පුද්ගලයෝ ක්‍රිකට් පරිපාලනය කරන විට අපේ රටේ ක්‍රිකට් මේ තත්ත්වයට යනවා කියලා මම අවුරුදු දෙකක් තිස්සේ කිව්වා. මේ තරග පරාජයට ක්‍රීඩකයින්ට විතරක්ම දොස් කියන්න බැහැ. අද අපේ ක්‍රීඩකයෝ මානසිකව වැටිලා. අපි ක්‍රීඩකයින්ගේ මනස සෑදිය යුතුයි. ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු හරිද කියලා බලන්නත් ඕන. ක්‍රිකට් සංස්කෘතිය උගන්වන්න ඕන. නමුත් මේ රේස් ඔට්ටුකාරයොත් එක්ක මේ ක්‍රීඩාව කරන්න ගියාම ඒ කිසිවක් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ.

මට මතකයි ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිතුමා කිව්වා රවී කරුණානායක ඇමැතිතුමා ඉල්ලා අස් වෙන්න ඕන කියලා. නමුත් ඊට කලින් අස් කරන්න ඕන එවැනි කථා කියන ඒ අයමයි. අද ක්‍රිකට් පරිපාලනය ඉතාම දුර්වල තත්ත්වයකට පත් වෙලා. තරග පරිදිනවා. ඒ නිසා ක්‍රීඩා ඇමැතිතුමා ඉස්සෙල්ලාම කරන්න ඕන ක්‍රිකට් පරිපාලනය වෙනස් කිරීම. හරි පුද්ගලයින් අතට ක්‍රිකට් පරිපාලනය භාරදීම. නැත්නම් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියේදී නරකම තත්ත්වයටම යනවා. විශේෂයෙන්ම මේ ආණ්ඩුව ආවට පස්සේ අමාත්‍යවරුන් දෙදෙනෙක් ඉල්ලා අස්වුණා. ඒ වැරදිකරුවෝ වෙලා නෙමයි. චෝදනා එල්ල වුණා කියලා. චෝදනා ඔප්පු කරන්නෙත් නැතිව ඉල්ලා අස්වුණා. නමුත් අද අපිට ක්‍රිකට් ක්‍රීඩාව අගාධයටම වැටිලා. ඒක කරුණු සහිතව ඔප්පු වෙනවා. ඒනිසා තවදුරටත් ක්‍රිකට් සභාපති සභාපති ධුරයේ තබා ගැනීම වැදගත් වෙන්නෙම නැහැ.

අද කොණ්දක් තියෙන පරිපාලනයක් නැහැ. අද කොන්දක් තියෙන තේරීම් කමිටුවක් නැහැ. අද ඒගොල්ලන්ට ඕන ඕන ජනප්‍රිය තීරණ ගන්නවා. රටක ජනප්‍රිය තීරණ අරගෙන බැහැ. අපේ ආණ්ඩුවත් ජනප්‍රිය තීරණ අරගන්න ගිහිල්ලා නැතිවෙලා තියෙනවා. අපි ගන්න ඕන රටට අවශ්‍ය තීරණ. ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය තීරණ. අපි යහපාලන ආණ්ඩුවක් හදලා තියෙනවා. ආණ්ඩුවේ හිටියට ආණ්ඩුව වැරදි නම් අපි විවේචනය කරනවා. ආණ්ඩුව විවේචනය කරන්න ආණ්ඩුවෙන් අස් වෙන්න ඕනේ නැහැ. ආණ්ඩුවේ වැරදි දේවල් තියෙනවා නම් ආණ්ඩුව විවේචනය කිරීමේ හයිය අපිට තියෙනවා. මොකද මේ ආණ්ඩුව හැදුවේ ඔය සූදුකාරයෝ නෙමෙයි. ආණ්ඩුව හැදුවේ අපි. ඉතිං ආණුවේ වැරදි වෙනවා නම් අපි දැන ගන්න ඕන ජනාධිපතිතුමායි අගමැතිතුමායි එක්ක ඒවා ගැන කථා කරන්න. නැත්නම් මහජනතාවට මේවා තේරුම් කරලා දෙන්න ඕන....” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. එහිදී මාධ්‍ය වේදීන් නැඟූ ප්‍රශ්න සහ ඒවාට අමාත්‍ය අර්ජුන රණතුංග මහතා දුන් පිළිතුරු පහත දැක්වේ.

ඇමතිතුමා මේක තුළ මොකක් හරි බලවේගයක් තියෙනවා ද මේක මේ තත්ත්වෙට ඇතිවෙන්න?

නෑ. මේක මේ සල්ලිකාරයන්ගේ දෙයක් නේ. දැන් පහුගිය කාලේ මං නිලවරණ කිහිපයකට ඉදිරිපත් වුණා. නිලවරණ අපිට දිනන්න බෑ. මේ ව්‍යාපාරිකයන් අපේ ඉන්න දේශපාඥයින්වත් අල්ලන් ඉන්නවා. ඒගොල්ලන්ට සල්ලි වියදම් කරනවා, ඉන්න සමහර ඇමතිවරුන්ට. ඒ සල්ලි වියදම් කරලා ඒගොල්ලන්ව බලා ගන්නවා. අද වෙන කොට ක්‍රීඩාමය මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ ඒනිසා. ඉතිං මං හිතන්නේ යහපාලන ආණ්ඩුව වුණාට ඉතාමත් අවාසනාවන්ත දෙයක් සිදුවුණේ මේ ආණ්ඩුව කාලේ. ඒක මං වගකීමකින් කියනවා.

දැන් ඔබ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක්. ඔබට ජනාධිපතිතුමාට හරි අගමැතිතුමාට හරි මේ තත්ත්වය ගැන දැනුවත් කරන්න බැරිද ?

දැනටමත් මම ක්‍රිකට් ක්‍රීඩාවේ වෙන දේ ජනාධිපතිතුමාවයි අගමැතිතුමාවයි දැනුවත් කරලා තියෙනවා. ඒවගේම ඉදිරි සති දෙක ඇතුළතදී මම තීරණාත්මක ලිපියක් ජනාධිපතිතුමාටයි ඇගමැතිතුමාටයි යොමු කරනවා. මොකද මේ තත්ත්වයෙන් ඉදිරියට යන්න බැහැ. ව්‍යාපාරිකයින් සූදුකාරයින් ක්‍රිකට් ක්‍රීඩාවට ආවම ක්‍රිකට් ක්‍රීඩාව සූදුවක් බවට පත් වෙලා තියෙනවා. තරග පරදින එක ගැන මට එතරම් ප්‍රශ්නයක් නැහැ. තරග පරදින්නේ ඇයි කියලා හොයලා බලන්න ඕන. අපි දැක්කා ක්‍රීඩා සමාජ දෙකක් අතර තරග පාවාදීමක් තිබුණා. අද වෙනකම් ඒ ගැන පරීක්ෂණයේ කිසිම දෙයක් වෙලා නැහැ. මේ ක්‍රීඩා ඇමැතිතුමාත් මීට වඩා කෙළින් වැඩ කරන්න ඕන. ඊට අමතරව බලන්න. පසුගිය කාලේ සිම්බාබ්වේ තරගය පැවැත්වෙන විට අනවශ්‍ය පුද්ගලයෝ ක්‍රීඩකයින්ගේ විවේකාගාරයේ සිටි බවට වාර්තා වෙලා තියෙනවා. මේවා ගැන පරීක්ෂණ පවත්වන්න ඕන. ක්‍රීඩකයින්ගේ බඩවලුයි ඔළුවලුයි ගැන කථා කර කර ඉඳලා තේරුමක් නැහැ. අද ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වෙන්න මේ ආණ්ඩුව සෑහෙන්න දායකත්වයක් ලබලා දීලා තියෙනවා.

ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව සූදුවක් වෙලා ?

මෙහෙමනේ අර කකුළුවා ඇදේට ගිහින් මේ දරුවන්ට කෙලින් යන්න කියන්න බෑ නේ. අද සූදුකාරයේ එතන ඉන්නකොට ක්‍රිකට් පරිපාලනයේ ඉදලා සූදුව පල්ලේහාට යනවා. ක්‍රීඩා සමාජවල තරඟ පාවා දෙනවා. අපි දැක්කා සිම්බාබ්වේ වගේ තරගවලදී 70%ක් තිබ්බේ ශ්‍රී ලංකා පිල දිනන්න. නමුත් ඒ 30% තියෙන සිම්බාබ්වේ පිල දිනන කොට හොයලා බලන්න ඕ‍නේ මොකක්ද වෙන්නේ කියලා. මම ක්‍රීඩකයන්ට දොස් කියනවා නෙමෙයි. ක්‍රීඩකයෝ අසරණ වෙලා ඉන්නවා. පුහුණුකරුවෝ වෙනස් කරනවා. අපේ ඉන්න හොඳම පුහුණුකරුවෝ ටික පිටරටවල්වලට යනවා. අන්තිමට, අපි දැක්කා ක්‍රිකට් එංගලන්ත සංචාරයට ඉස්සෙල්ලා ඇලන් ඩොනල්ඩ්ව ගෙනැල්ලා අපේ පුද්ගලයාව යනවා. ක්‍රිකට් බෝර්ඩ් එකේ ඉන්න ටයි දා ගත්ත කෝට්කාරයෝ හරි ආසයි මේ පිටරට ඉන්න මිනිස්සුන්ව ගෙනැල්ලා මේ රටේ අයට පෙන්නන්න අපි ගෙනවා කියලා. නමුත් ඒකේ තියෙන්නේ විනාශදායක ප්‍රතිඵල තියෙන්නේ. ඉතිං මං ඒ ගැන කණගාටු වෙනවා.

ප්‍රශ්නය - දැනට ක්‍රිකට්වල ඉහළ තනතුරුවල ඉන්න කට්ටයක් ජාත්‍යන්තර පුටු බලාපොරොත්තුවෙන් හිතාමතා තරග පාවාදීමක් කරනවා කියලා ආරංචියක් තියෙනවා. එහෙම දෙයක් තියෙනවාද ඇමතිතුමා ?

එහෙම දෙයක් තිබුණත් මම ඒ ගැන පුදුම වෙන්නේ නෑ. මොකද සූදුකාරයෝනේ. මේ සූදුකාරයෝ, බුකිකාරයෝ ක්‍රීඩාවේ ඉන්න කොට ඔය තානාන්තර නෙමෙයි කොයි වගේ මුදල් හම්බ කරනවද කියලා දන්නේ නෑ. හොඳම උදාහරණය. මේ තරගාවලියේදී අපි ක්‍රීඩා කරන්නේ මොන ක්‍රීඩාංගණවලද ? අපි ක්‍රීඩා කරන කොට ක්‍රීඩා කරන්න ඕන අපිට සුදුසු ක්‍රීඩාංගණවල මිස ඉන්දියාවට සුදුසු ක්‍රීඩංගණවල නෙමෙයි. අපිට උචිත තණතිල්ල අපි හදලා දෙන්න ඕනේ. එහෙම නැතිව ඉන්දියාවට හොඳ තණතිල්ල නෙමෙයි.

මේ වන විට අපි තරගයක් දැක්කොත් පරදිනවා. ඉතිං තරග ජයග්‍රහණ සඳහා මොනවගේ කෙටි කාලීන විසදුමක්ද ගත යුත්තේ ?

පහුගිය කාලේ ක්‍රිකට් ක්‍රීඩකයින්ව අපේ රටේ ජනතාව ආරක්ෂා කළේ හරිම ආදරයෙන්. අපේ ක්‍රීඩකයෝ දක්ෂයි. නමුත් ඔවුන්ව හරි විදියට පරිපාලනය කරන්න ඕන. ඒ ගොල්ලන්ගේ මනස හදන්න ඕන. රටට ක්‍රීඩා කිරීමේ වැදගත්කම මොකද්ද කියලා දෙන්න ඕන. මේක සූදුවක් හැටියට සල්ලිවලටම එලවා එලවා යන දෙයක් නෙමෙයි කියලා තේරුම් කරලා දෙන්න ඕන. ඔය ඉන්න ව්‍යාපාරිකයින්ට මේවා තේරෙන්නේ නැහැනේ. රටට ක්‍රීඩා කළ අපිට තේරෙනවා ක්‍රිකට් ක්‍රීඩාව කොතරම් අපහසු වෙන්ද ගොඬනැඟුවේ කියලා. නමුත් දැන් ඉන්න පරිපාලකයෝ වායුසමීකරණ කාමරව ඉඳලා තීරණ ගන්නවා. රටේ ක්‍රිකට් විනාශ වුණාට ගානක් නැහැ. අද ඉදලා හෙට ගෙදර යාවි. නමුත් ඒ ගොල්ලන්ට පාඩුවක් වෙන්නේ නැහැ. හැබයි රටට පාඩුවක් වෙනවා. ප්‍රේක්ෂකයින්ට පාඩුක් වෙනවා.



« PREV
NEXT »