BREAKING NEWS
latest

728x90

468x60

Monday, August 28, 2017

මෛත‍්‍රී පිලේ ඇමතිවරයෙක් මහින්ද ලඟට

හිටපු අමාත්‍යවරයෙකු හා කුරුණෑගල දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ද වූ ජයරත්න හේරත් ඒකාබද්ධ විපක්ෂයට සහය පළ කිරීමට ඊයේ (27) තීරණය කළා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කළ ඔහු පොල්ගහවෙල ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙසයි කටයුතු කළේ. 

ඒකාබද්ධ විපක්ෂය කුරුණෑගල අද සංවිධාන කළ රැලියකටද ඔහු සහභාගී වුණා.

ආණ්ඩුව කෙරෙහි ජනතාව අද කළකිරී ඇති බවද ඔහු මෙහිදී කියා සිටියා. 

ජයරත්න හේරත් හිටපු මන්ත‍්‍රීවරයා ඉකුත් ජනාධිපතිවරනයේදී සහාය පළ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටයි. 

මැතිවරණයෙන් පසුව ඔහු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කළා. 

මේ අතර යහපාලන රජයට සම්බන්ධ මැති ඇමැතිවරුන් විශාල පිරිසක්‌ ළඟදීම ඒකාබද්ධ විපක්‌ෂයට එක්‌වෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා කියා සිටියේය.

මෙම පිරිස වරින්වර ඒකාබද්ධ විපක්‌ෂයට එක්‌වන බවත් මෙසේ පැමිණෙන සංඛ්‍යාව කොපමණදැයි සඳහන් කළ නොහැකි බවත් හෙතෙම පැවැසීය.

මෙම අයගේ නම් කල්තියා පැවසීමට නොහැකි විවිධ චෝදනා ඉදිරිපත් කර ඔවුන්ගේ පැමිණීම වැළැක්‌වීමට ආණ්‌ඩුව කටයුතු කරන නිසා යෑයිද මහින්ද රාජපක්‌ෂ මහතා සඳහන් කළේය.
« PREV
NEXT »