BREAKING NEWS
latest

728x90

468x60

Thursday, August 24, 2017

ඇමති රාජිතට එරෙහිව විශ්වාසභංගයක්‌

චෝදනා හතක්‌ යටතේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (24 දා) හෝ හෙට (25 දා) කථානායකවරයාට භාරදෙන බව ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවසීය.

විශ්වාසභංග යෝජනාවට අවශ්‍ය අත්සන් අද දවස තුළ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ලබා ගන්නා බවද මන්ත්‍රීවරයා පැවැසුවේය.

රජයේ තක්‌සේරු මුදලට වඩා අඩු මිලට මෝදර ධීවර වරාය බදු දීම, අල්ලස්‌ කොමිසම හමුවේ ඇති පරීක්‌ෂණවලට පෙනී නොසිට මඟ හැර සිටීම ඇතුළු චෝදනා හතක්‌ රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර ඇතැයිද සොයිසා මහතා කීවේය.

අනුරගෙන් රාජිතට සැර චෝදනාවක්‌

මේ අතර, රට පුරා යහපත් සෞඛ්‍ය සේවාවක්‌ පවත්වාගෙන යන බවට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් විරෝධය දැක්‌වූ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23 දා) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය ඇමැතිවරයා විවේචනය කරමින් කතාකිරීම නිසා දෙදෙනා අතර උණුසුම් මත ගැටුමක්‌ ඇති විය.

දිස්‌ත්‍රික්‌ක කිහිපයක ජනතාව නියඟයෙන් පීඩා විඳින බවත් ඒ අතර වකුගඩු හා පිළිකා රෝගීන් සිටින බවත් ඔවුන්ට දිනපතා ප්‍රතිකාර කටයුතු කරගැනීමට ආර්ථික අපහසුතාවක්‌ ඇති බවත් දිසානායක මහතා කීවේය.

රාජිත සේනාරත්න මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලෙන් ලක්‌ෂ 100ක්‌ රැගෙන සිංගප්පුරුවේ මවුන්ට්‌ එළිසබෙත් රෝහලට ගිය බවත්, ආණ්‌ඩුවත් සමග බිස්‌නස්‌ කර එදා මන්ත්‍රීකම නැතිකර ගත් අයකු බවත් අනුර දිසානායක මහතා පැවසීය.
« PREV
NEXT »