BREAKING NEWS
latest

728x90

468x60

Thursday, August 24, 2017

මම අයින් වුණේ නෑ අයින් කළා - ඉදිරි ගමන ළඟදීම ප්‍රකාශ කරනවා - හිටියත් එකයි නැතැත් එකයි

සිය ඇමැතිධූරයෙන් ඉවත් කරනු ලැබූ අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අද(23) පස්වරුවේ තමා භාරයේ තිබූ අමාත්‍යංශ දෙකට පැමිණ කාර්ය මණ්ඩලවලට සමුදුන්නේය.


ඒ අතර, ඔහු සිය අමාත්‍ය ධූරය වෙනුවෙන් ලැබුණු භාණ්ඩ සහ වාහන යළි අමාත්‍යංශයට බාර දී ඇති බව වාර්තා වේ.

අයින් වුණේ නෑ අයින් කළා :

තමා අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්නොවුණ බවත් එයින් ඉවත් කළ බවත් අධිකරණ හා බුද්ධශාසන හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවැසීය.

අධිකරණ අමාත්‍යාශ පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඔහු පැවැසුවේ තමාව ඉවත් කිරීමට හේතු දෙකක් බල පෑ බවයි.

එකක් හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපොළ බදු දිමට එරෙහිවීම හා අනෙක් කරුණ බැඳුම්කර කොමිසම හරහා හෙළිවන වංචාකරුවන්ට දඬුවම් ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන කිරීම බවයි.

සිය ඉදිරි ගමන පිළිබඳව පසුව දැනුම් දෙන බවත් ආණ්ඩුවේ ගමන පිළිබදව ජනතාව තීරණයක් ගනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

එජාපයේ ඉල්ලීමක් :

එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලීම අනුව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත්කළ බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කළ ලිපිය අද පෙරවරුවේ ඔහුගේ නිවසට යොමුකර තිබිණ.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් මහතා විජේදාස රාජපක්ෂ මහතාව අමාත්‍යධුරයෙන් ඉවත් කිරිමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බවට නිල වශයෙන් ඊයේ (22දා) ජනපතිට දැනුම් දුන්නේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතා ඇමති තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කලේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශය ද සලකා බැලීමෙන් අනතුරුවය.


« PREV
NEXT »