BREAKING NEWS
latest

728x90

468x60

Monday, August 28, 2017

අවුරුදු දෙකකට හිරේ යන්න ලෑස්‌තියි රන්ජන් කියයි

රටේ නීතිය සහ ස්‌වාධීනත්වය ගැන අවංකව අදහස්‌ ප්‍රකාශ කර අවුරුදු දෙකකට සිරගතවීමට තමන් සූදානම් බව සමාජ සේවා සහ සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ඊයේ (27දා) 'දිවයින' ට ප්‍රකාශ කළේය. 

විනිසුරුවරුන් සහ නීතිඥයින් පිළිබඳ කළ ප්‍රකාශයකට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඔහුට එරෙහිව නඩු පැවරීමට ගෙන ඇති තීරණය පිළිබඳ අදහස්‌ ප්‍රකාශ කළ රන්ජන් රාමනායක මහතා මෙසේද කීවේය.

ඔය කාරණාව සම්බන්ධයෙන් දැනටමත් බොදුබල සේනාවේ හිමිනමක්‌ සහ තවත් පුද්ගලයෙක්‌ මට එරෙහිව නඩු දමා තිබෙනවා. දැන් නීතිඥ සංගමයත් නඩු පවරනවා. මම නඩුවකට ලෑස්‌තිය. ඕනෑතරම් කරුණු මා ළඟ තිබෙනවා. තව තවත් තොරතුරු ගලාගෙන එනවා.

මම කියන්නේ ඔක්‌කොම විනිසුරුවරුන් දූෂිතයි කියා නොවේ. දණ ගසා වඳින්න පුළුවන් විනිසුරුවරුත් ඉන්නවා. පසුගිය දවසක අපි දැක්‌කා එවැනි විනිසුරුවෙක්‌ උතුරේදී. ඒ වගේම තමයි සරත් අඹේපිටිය විනිසුරුතුමා. මහින්ද රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ කියන්නේ නීතිඥවරුන්, කොල්වින් ආර්. ද සිල්වා දක්‌ෂ නීතිඥයෙක්‌. ඒත් නීතිය වැරදි විදිහට යොදා ගත් කෙනෙක්‌. මිනීමරුවන්ගෙන් සල්ලි අරන් මිනීමරුවන් බේරන නීතිඥවරු ඉන්නවානේ.

මම අධිකරණයට, නීතියට ගරු කරනවා. එස්‌. බී, ඇමැතිතුමාවත් අවුරුදු දෙකකට හිරේ ඇරියනේ.මමත් ලෑස්‌තියි හිරේ යන්න යෑයි රන්ජන් රාමනායක මහතා කීවේය.
« PREV
NEXT »