BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, August 08, 2017

කි වො 32ක සෝලා පද්දතියක් කොළබ රාජකීය විද්‍යාලයට

රාජකීය රශ්මි සුර්ය බල සංග්‍රාමය යටතේ කොළබ රාජකීය විද්‍යාලය වෙනුවෙන් කිලෝ වොට් 32ක් සුර්ය බල පද්දතියක් ලබා දීම පසුගියදා සිදුවුනා .

නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ඉල්ලීම පරිදි රාජකීය විද්‍යාලයේ අදිසිසුන් වන ලසන්ත ගුණවර්ධන සහ සතිර සරත්චන්ද්‍ර මහතුන්ගේ සම්බන්දී කරණයෙන් ජපානයේ NGP solar ආයතනයේ සබාපති මංජුල සේනාරත්න මහතාගේ පරිත්‍යාගයක් ලෙස මෙම සෝලා පද්දතිය රාජකීය විද්‍යාලයට ලබදිතිබේ.

මෙම සෝලා පද්දතිය තුලින් රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට සහ ප්‍රදාන ගොඩනැගිලිවලට නොමිලයේම විදුලිය ලබාගැනීමට හැකිවේ.

මෙම උත්සව සභාව අමතමින් විදුලිබල හා පුනර්ජීවී බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පි පෙරේරා මහතා ප්‍රකාශ කලේ සුර්යබල විදුලි බල පද්දතිය තුලින් නොමිලයේ විදුලිය ලැබෙනවා සේම එමගින් පරිසර සුරක්ෂිත භාවයත් උපරිම ලෙස ආරක්ෂාවන බවත්ය.

උත්සව සභාව අමතමින් සාගල රත්නායක අමාත්‍යවරයා ප්‍රකාශ කලේ රාජකීය විද්‍යාලය අතීතයේ සිටම සිසු දරුවන්ගේ අධ්‍යාපනය ගැන පමණක් නොව ඔවුන් සමාජයේ හොද පුරවැසියන් ලෙස බිහිවෙනවා දැකීමට කටයුතු කර ඇති බවය. රාජකීය හරිත ව්‍යාපෘතිය යටතේ ශිෂ්‍ය නායකයන් සහ ගුරු මණ්ඩලය පරිසරයට ආදරය කරන පරිසරය සමග ජීවත්වන දරු පිරිසක් බිහිකිරීමට දරන උත්සාහයද ඇමති වරයාගේ ප්‍රෂන්ශාවට ලක්විය. පොලිතීන් සහ ප්ලාස්ටික් බෝතල්වලින් තොර පරිසරයක් බිහිකිරීමට දායකවන ලෙසද අමාත්‍යවරයා දරුවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලාසිටි අතර ඒ සදහා සිය උපරිම සහයෝගය ලබාදෙන බවද ප්‍රකාශ කළේය .

පුරා වසර හතලිහක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ආධිශිශ්‍යයකු වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට ජාතිය වෙනුවෙන් කල සේවය අගය කරමින් එතුමා වෙත ලබාදීම සදහා විශේෂ සමරුපලකයක් අමාත්‍ය වරයා වෙත ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් බාරදෙන ලදී .

NGP ආයතනයේ සභාපති මංජුල සේනාරත්න, රාජකීය විද්‍යාලයේ විදුහල්පති එච් බී අබේරත්න , ප්‍රධාන ශිෂ්‍ය නායක දිලුක් ද සොයිසා සහ උප ප්‍රධාන ශිෂ්‍ය නායක පසිඳු ගුණරත්න යන අයද මෙහිදී අදහස් දැක්වීය.



« PREV
NEXT »