BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, August 08, 2017

ශිරන්ති හූනියම් කිරීමට ඉන්දියාවෙන් කට්ටඩි ගෙන්නයි

වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳව විමර්ශන කටයුතු සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට ශිරන්ති රාජපක්ෂට පසුගිය ජුලි 27 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන මෙන් දැනුම් දී තිබුණ ද ඇය එදින පැමිණීමට නොහැකි බව නීතීඥවරුන් මාර්ගයෙන් දන්වා යවා තිබිණි. ජුලි 28 වන දා යෝශිත රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන මෙන් දැනුම් දී තිබුණ ද ඔහු සිය පාදයේ ශල්‍යකර්මයක් හේතුවෙන් ඇඳ විවේක ගැනීමට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව පවසා වෙනත් දිනයක් ඉල්ලා තිබිණි. එසේ වුවත් අප වෙත වාර්තා වන පරිදි යෝශිත සහ නාමල් රාජපක්ෂ ජුලි 28 වන දින වෛද්‍ය උපදේශ පසෙක තබා අම්පාරේ සංචාරයකට ගොස් ඇත. කෙසේ වෙතත් හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති සහ ඒ දෙපළගේ දෙවන පුතු වන යෝශිත දැනට සිටින්නේ තමන් අත් අඩංගුවට පත් වනු ඇතැයි මර බියෙනි. ශිරන්ති සහ යෝශිත දෙදෙනාට ම අගෝස්තු 14 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණෙන ලෙස අළුතින් දැනුම් දී තිබේ. 

ඒ අනුව මේ දිනවල සුලභ දසුනක් වී ඇත්තේ ශිරන්ති රාජපක්ෂගේ කැළණි රජ මහා විහාර වන්දනාවයි. කතාවට නම් කියන්නේ 'උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ' කියාය. එහෙත් තමන් කළ පව් ප්‍රමාණය තමන් ම දන්නා නිසා දෝ ශිරන්ති නිතර දෙවේලේ කැළණිය වඳින්නට පටන් ගෙන තිබේ. කැළණිය රජ මහා විහාරයේ විහාරාධිපති මහින්ද සංඝරක්ඛිත හිමියන් ද ශිරන්තිව උඩ මළුවට ම කැඳවාගෙන යන අතර ඇය දන්නා තරම් ගාථා කියමින් බෝධියෙන් ගැලවීම ඉල්ලා සිටී. කතාවට අදාල නොමැති වුවද කාන්තාවන් සාමාන්‍යයෙන් වැද්ද නොගන්නා උඩ මළුවට ශිරන්තිට ප්‍රවේශය ලබා දීමෙන් ඊනියා කාන්තා විරෝධය බිඳහෙළීම පිළිබඳව නම් සංඝරක්ඛිත හිමියන්ට අපේ ප්‍රණාමය හිමිවිය යුතුය. කෙසේ වෙතත් ශිරන්තිගේ මේ දිනවල සම්පූර්ණ දින චර්යාව සැකසී ඇත්තේ නොයෙකුත් නල්ලමලේ පූජාවන් සමඟය. 

මෙය කොතෙක් දුර දිග ගොස් ඇතිද කියනවා නම් මේ දිනවල ශිරන්ති රාජපක්ෂ නොයනා දේවාලයක් නොමැති තරම් ය. කොහේ හෝ සිටින ගල් බමුණෙක් පැමිණ 'ආං අහවල් තැන බෝ පැළයේ මහා අනුහස් ඇතැයි' කීවා නම් පසුදාට ශිරන්ති එතැනය. මෙහි අවසාන තුරුම්පුව වශයෙන් ලබන සතියේ 14 වනදාට පෙර ඉන්දියාවෙන් කට්ටඩි ගෙන්වා තාජුඩීන් ඝාතනය ගැන පරීක්ෂණ කරනා නසරාණි CID විමර්ශකයින්ගේ පවුල් පිටින් හැඳිගෑවී යන ලෙස ඉල්ලා හූනියම් කිරීමට නියමිතය. ( කට්ටඩි කියා ලිවීමට යන වාරයක් පාසා ලියැවෙන්නේ ම තක්කඩි කියාය. අකුරු වෙනස් වුවත් කෙරුවාව එකය. එසේ වෙතත් 2014 අවසාන භාගයේදී මහින්දට ලණුදී රට බේරා ගත්තේද මෙකී තක්කඩි විසින්ම බව ද නොසලකා හැරිය නොහැක.)
« PREV
NEXT »