BREAKING NEWS
latest

728x90

468x60

Saturday, August 19, 2017

සඳුදාට විජයදාසගෙන් තීරණාත්මක තීන්දුවක්

අධිකරණ පද්ධතියේ නඩු ප්‍රමාදය පිළිබඳව ඊයේ (17දා) පැවැති එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්ඩලයේ විවේචන එල්ලවූ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ලබන සඳුදා වන විට දේශපාලනමය වශයෙන් වැදගත් තීරණයක් ගනු ඇතැයි එ.ජා.ප. ආරංචි මාර්ග සඳහන් කරයි.

අධිකරණ අමාත්‍යවරයාද සහභාගි වී සිටි කෘත්‍යාධිකාරි මණ්ඩලයේ කටයුතු ඇරැඹීමත් සමඟ අධිකරණයේ නඩු ප්‍රමාදය හේතුවෙන් රාජ්‍ය යාන්ත්‍රණයට සිදුව ඇති බලපෑම් මෙන්ම සම්මුතිවාදී රජයේ ප්‍රධාන පාර්ශ්වකරුවා වූ එක්සත් ජාතික පක්ෂයේ කීර්තිනාමයට සිදුවන හානිය සහ අගතිය පිළිබඳව මැති ඇමැතිවරුන් දැක්වූ කරුණුවලට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය අවධානය යොමු කර තිබේ.

කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉවතට පැමිණි විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා නඩු ප්‍රමාදයට වගකිව යුතු අධිකරණ ඇමැතිවරයා එම ප්‍රමාදයන් වැළැක්වීමට ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත්ව ඇති නිසා ඔහු එම තනතුර අතහැර යා යුතු යැයිද එසේ නොකළහොත් සිදු වන්නේ පක්ෂය විනාශ වීම බවද මහ හඩින් පැවැසුවේය.
« PREV
NEXT »