BREAKING NEWS
latest

728x90

468x60

Thursday, August 31, 2017

වෙහෙර විහාර දියුණු කරමින් බෞද්ධාගමික ප්‍රබෝධය ඇති කිරීම ප්‍රශංසනීයයි - වරකාගොඩ ඤාණරතන මහනාහිමි

මෙරට විහාරස්ථාන වල ප්‍රවේශ මාර්ග ඇතුළු යටිතල පහසුකම්  දියුණු කරමින් බෞද්ධාගමික ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් විශාල වැඩ කොටසක් සිදු වෙමින් පවතින බවත් ඒ පිළිබඳව තමන් වහන්සේගේ ප්‍රසාදය පළ කරන බවත් අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ පවසයි.

උඩගුන්නෑපාන බෝධිමල්කඩ පුරාණ විහාරයේ නව ධර්ම ශාලාව සහ දහම් පාසැල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමේ අවස්ථාව සඳහා සහභාගිවෙමින් මහනාහිමියෝ ඒ බව ප්‍රකාශ කලහ.

මෙරට වෙහෙර විහාරස්ථාන 300 ක පමණ ප්‍රවේශ මාර්ග සංවර්ධනය කිරීමට උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මූලිකත්වයෙන් වැඩ සටහනක් කි්‍රියාත්මක වන බවත් මේ ආකාරයට විහාරස්ථාන දියුණු කිරීමට රජයේ සහය නිරන්තරව ලැඛෙන බවත් කී උන්වහන්සේ වෙහෙර විහාර දියුණු කිරීම සඳහා දායකසභා නියෝජනය කරන දුප්පත් ජනතාවට අසීරු බැවින් රජය මෙලෙස සහයෝගය ලබා දීම අගය කරන බව ද ප්‍රකාශ කලහ.

« PREV
NEXT »