Wednesday, August 23, 2017
Home
Gossip Lanka News
නව අධිකරණ ඇමතිනී තලතා - බුද්ධ ශාසන ඇමති රවීන්ද්‍ර
නව අධිකරණ ඇමතිනී තලතා - බුද්ධ ශාසන ඇමති රවීන්ද්‍ර
-
Wednesday, August 23, 2017
නව අධිකරණ ඇමැතිනී ලෙස තලතා අතුකෝරල මහත්මියද බුද්ධ ශාසන අමාත්‍ය ලෙස රවීන්ද්‍ර සමරවීරද 23 බදාදා ජනපති ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතය.
ඒ අනුව එම ඇමති ධූර දෙක හෙබවූ විජයදාස රාජපක්ෂ මහතා තනතුරෙන් ඉවත් කරන ගැසට් නිවේදනයක් නිකුත් කරන්නටද නියමිත අතර ඒ අනුව නිරායාසයෙන්ම එම ධූර අහිමිව යයි.
පසුගිය දිනවල ආන්දෝලනාත්මක සිදුවීම් වලින් පසු ඊයේ 22 පැවති කැබිනට් රැස්වීමට හෝ පෙරේදා 21 පැවති එජාප ප්‍රධානීන්ගේ රැස්වීමට විජේදාස රාජපක්ෂ පැමිණ නොතිබුණි.
ඔහුට ඉල්ලා අස්වන ලෙස එජාපය පවසා තිබුනත් තමන් වරදක් නොකළ බව කියමින් ඔහු එම තනතුරු වලින් ඉල්ලා අස්වූයේ නැත.
මේ අතර අභ්‍යන්තර ආරංචි අනාවරණය කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය ඇමති විජයදාස තවත් කාලයක් තනතුරේ තබා පසුව ඒකාබද්ධයේ පොදු අගමැති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමේ සූදානමක් පැවති බවකි.
තලතා අතුකෝරල මහත්මියට අධිකරණ ඇමැතිධුරය ලබා දෙනුයේ දැනට ඇය හොබවන විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ධුරයට අමතරව වන අතර රවීන්ද්‍ර සමරවීර මහතාට බුද්ධ ශාසන අමාත්‍ය ධුරය ලබා දෙන්නේ කම්කරු රාජ්‍ය ඇමැතිධූරයට අමතරවයි.
විජයදාස රාජපක්ෂ මහතාගේ තනතුරු වෙනස ගැන දැනුවත් කිරීමට හා ඉදිරිය ගැන සාකච්ඡා කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද හමුවීමටද නියමිතව තිබේ.
ඔහු ශ්‍රිලනිපයට යාවිද ඒකාබද්ධයට යාවිද නැතිනම් ස්වාධීන වේවිද යන්න තවම වාර්තා නොවේ.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...