BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, August 02, 2017

ඇලෝසියස්ගේ බිරිඳගේ ෆෝන් සෙල්ලමක් මාට්ටු

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වූ අර්ජුන් ඇලෝසියස් මහතා භාවිත කළ ජංගම දුරකථනයේ මුර පදය පරීක්ෂණ සඳහා ලබා ගැනීම සම්බන්ධයෙන් වන නියෝගය බැදුම්කර කොමිසම විසින් අද (02) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඒ, අදාල මුරපදය නිකුත් කරන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් කොමිසම හමුවේ ඊයේ (01) කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.

එහිදී අදහස් දැක් වූ අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා පෙන්වා දී ඇත්තේ තම සේවාදායකයා ජංගම දුරකථනය මිල දී ගෙන ඇත්තේ සිංගප්පූරුවෙන් බවයි.

එහි මුර පදය හා භාවිත නාමය යොදන ලද්දේ ද සිංගප්පූරුවේදී බැවින් මේ වනවිට එය ඔහුට අමතක වී ඇති බව ද නීතීඥවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

පසුගිය පැය 48ක කාලය තුළ

කෙසේ වෙතත් පසුගිය පැය 48ක කාලය තුළ අර්ජුන් ඇලෝසියස් මහතාගේ බිරිඳගේ ජංගම දුරකථනයෙන් එම ගිණුමට ඇතුළු වීමට උත්සහ දරා ඇති බව ද බැදුම්කර කොමිසමේ දී ඊයේ අනාවරණ විය.

දුරකථනයේ දත්ත මකා දැමීමට හැර ගිණුමට ඇතුළු වීමට ඔහුට වෙනත් අරමුණක් තිබිය නොහැකි බව කොමිසමේ විමර්ශන මෙහෙයවන ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා පැවසීය.

ඒ අනුව අර්ජුන් ඇලෝසියස් මහතාට වෙනත් උපකරණ භාවිත කරමින් ජංගම දුරකථන ගිණුමට ඇතුළු වීම තහනම් කරන ලෙස ද නීතිපති දෙපාර්තමේන්තුව කොමිසමෙන් ඉල්ලා සිටියේය.

අධිකරණයට අපහාස කරලා

මේ අතර අර්ජුන් ඇලෝසියස් මහතා 2015 වසරේ සිට භාවිත කළ සන්නිවේදන උපකරණ කොමිසමට භාර දෙන ලෙසට මීට පෙර නියෝග කර තිබු නමුත්, ඔහු භාර දී ඇත්තේ ඉකුත් මාස හයේ දී භාවිත කළ දුරකථනය පමණි.

ඒ අනුව, අර්ජුන් ඇලෝසියස් මහතා කොමිසමේ විමර්ශන සඳහා අවශ්‍යව ඇති විද්‍යුත් සන්නිවේදන උපකරණ හා / හෝ ඒවාට අයත් මුරපද යනාදී බුද්ධිමය දත්ත හෝ උපාංග කොමිසමට ලබා නොදීමෙන් අධිකරණයට අපහාස කිරීමේ සාපරාධී වරදක් සිදුකර ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ඊයේ (01) මහ බැංකු බැඳුම්කර ජනාධිපති විමර්ශන කොමිසමෙන් ඉල්ලා සිටියේය.
SLM
« PREV
NEXT »