BREAKING NEWS
latest

728x90

468x60

Saturday, August 12, 2017

මත් උවදුරින් රට සුද්දද කරන්න ඇමති සාගල සැරසේ

මත්ද්‍රව්‍ය ජාවාරමේ සහ පාතාල ලෝකයේ තෝරු මෝරු හාල්මැස්සන් ආදී සියලු දෙනාම නීතියේ දැලට හසුකරගන්නා බව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානි, නිතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කර සිටියි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකර සිටියේ අද (12දා) බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේ ජාතික තරුණ සේවා සභාව ''හසරැල්ලේ කැරැල්ල" නමින් ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමිව සංවිධානය කරන ලද "No Drugs අපි Youth" වැඩසටහනට සහභාගී වෙමිනි.

මේ වන විට මත්ද්‍රවය සහ පාතාලය, එසේත් නැතිනම් සංවිධානාත්මක අපරාධ, එකට බැඳුනු ක්‍රියාවලියක් බවට පත්ව ඇති නිසා එම තත්වය මර්දනය කිරීමට දැඩි අවධානයක් යොමුකළ යුතුව ඇති බව අමාත්වරයා කියා සිටියේය.

''මත්ද්‍රවය ලෝකය පුරා අනෙකුත් නීති විරෝධී ක්‍රියාවන්ට සල්ලි පොම්ප කරන උල්පත වෙලයි තියෙන්නේ. විශේෂයෙන්ම ත්‍රස්තවාදයට සල්ලි පොම්ප කරන ප්‍රධානම උල්පත මත්ද්‍රවය ජාවාරමයි.

ඒ වගේම අපේ රට අද ලෝක මත්ද්‍රවය ජාවාරමේ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස යොදාගෙන තියෙනවා. ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය සහ ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට ගෙන්වන මත්ද්‍රවය ආසියාවේ අනෙකුත් ප්‍රදේශවලට බෙදාහැරිම සිදුවන අතර බ්‍රසීලය වැනි දකුණු ඇමරිකානු රටවලින් ගෙන්වන මත්ද්‍රවය හුවමරුකරාගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස අද ශ්‍රී ලංකාව යොදාගන්න මත්ද්‍රවය ජාවාරම් කරුවන් කටයුතු කරමින් ඉන්නවා. මේ ගෙන්වන මත්ද්‍රවයවලින් 95% කා ප්‍රමාණයක් වෙනත් රටවලට යලිත් හුවමාරුවී යන අතර සියයට 5% පමණ ප්‍රමාණයක් රට තුල මත්ද්‍රවය ජාවාරමේ සංසරණය වෙනවා. හැබැයි ඒ 5% ඇති අපේ රට විනාශ කරන්න. ඒ නිසා අපිට මේ මත්ද්‍රවය ජාවාරම මැඩලීමේ විශේෂ වගකීමක් තියෙනවා.''

මෙම උවදුර මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය තුළ නව දිසාවක් ආරම්භ කරන බවත් පොලිස් මත්ද්‍රවය කාර්යාංශය හා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ කොට්ඨාශය මෙම නව දිසාව ආරම්භ කරන අතර එහි සිදුකරන මෙහෙයුම් කටයුතු සඳහා විශේෂ කාර්ය බලකායත්, ශ්‍රී ලංකා නාවික හමුදාව, රෙගුව ආදී ආයතනවල සහයත් ලබාගැනීමට නියමිතය.

මෙම නව දිසාව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන අතර ඒ සඳහා නාකොටික් ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වාත් ඇතුලත් වන බව අමාත්‍යවරයා කියාසිටියේය.

මෙය කිසිඳු පුද්ගලයෙකුගේ බලපෑමකට හෝ කිසිඳු දැන හැඳුනුම් කමකට යටත්නොවී ක්‍රියාත්මක වන බවත් ප්‍රධාන පෙලේ මත්ද්‍රවය ජාවාරම් කරුවන් සහ බෙදාහරින්නන් පමණක් නොව, රට තුල මත්ද්‍රවය බෙදාහරින සාමාන්‍ය සහ සුළු බෙදාහරින්නන් ඇතුලු මේ ජාවාරමේ නිරතවන සියලුදෙනාට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කර උවදුරින් අපි රට සුද්ද කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ සඳහා ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර සහයෝගය ද ලබාගෙන ඇති බවත් දැනටමත් කලාපයේ අනෙකුත් රටවල් සමග බුද්ධි තොරතුව හුවමාරුව ඇතුලු ක්‍රමවේදයන් රැසක භාවිතා කරන අතර බොහෝ මෙහෙයුම් ඉතාමත් ඉහල මට්ටමින් සාර්ථක වී ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.
« PREV
NEXT »