Wednesday, August 30, 2017
Home
Gossip Lanka News
තේරීම් කමිටුව ගෙදර යයි - මීළඟ ක්‍රිකට් ලොක්කා මහ බැංකු අධිපති?
තේරීම් කමිටුව ගෙදර යයි - මීළඟ ක්‍රිකට් ලොක්කා මහ බැංකු අධිපති?
-
Wednesday, August 30, 2017
සනත් ජයසූරිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ (29) සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
තේරීම් කමිටු සාමාජිකයන් සියලු දෙනාගේ අත්සනින් යුක්තව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත ලිපියක් ඉදිපත් කරමින් ඔවුන් තම ඉල්ලා අස්වීම දැනුම් දී ඇත අතර ඒ අනුව ඔවුන්ගේ සේවය සැප්තැම්බර් මස 07 වැනිදායින් අවසන් වේ.
සනත් ජයසූරිය මහතාට අමතරව රංජිත් මදුරසිංහ, රොමේෂ් කළුවිතාරණ, අසංක ගුරුසිංහ, එරික් උපශාන්ත යන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් තේරීම් කමිටු සාමාජිකයන් ලෙස කටයුතු කරයි.
මීළඟ ක්‍රිකට් ලොක්කා ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ද?
ක්‍රිකට් ක්‍රීඩාව ගෞරවනීය තත්වයට පත් කිරීම සඳහා ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර නව මණ්ඩලයක් පත්කළ යුතු බව අමාත්‍ය අර්ජුන රණතුංග කියයි. මේ සඳහා මීට පෙර අර්ජුන රණතුංග තරග කර ඔහු සභාපති තිලංග සුමතිපාලට පැරදුණු නිසා මේ විවේචනය කිරීමට හොඳම පුද්ගලයා අර්ජුන රණතුංග ත්‍නාවිය හැකිය. එපමණක් නොව, වත්මන් සභාපති තිලංග සුමතිපාල සහ ඔහු අතර අමනාපකම් ගණනාවක් තිබේ.
ආණ්ඩුවේ ඇතැම් කොටස්, මහබැංකු අධිපතිවරයා ව නව අතුරු කමිටුවේ ප්‍රධානියා වශයෙන් පත් කළ යුතු බව කියති. ක්‍රිකට් ක්‍රීඩාව ගෞරවනීය තත්වයට පත් කිරීමට නම් කළ යුතු වන්නේ මොනවාදැයි කුමාරස්වාමි පුවත්පත්වලට පවා ලියා ඇත. වත්මන් ක්‍රිකට් පරිපාලනය භාරව සිටින නිලධාරීන් කියන්නේ කුමාරස්වාමි, අභ්‍යන්තර බල අරගල නිසා අවුලෙන් අවුලට පත් වී තිබෙන මහබැංකු කටයුතු ගැන බලාකියාගෙන සිටිය යුතු බවයි. මේ වන විට උද්ධමන අනුපාතිකය 7% ක් වන අතර රුපියලේ අගය වේගයෙන් පහළ වැටෙමින් තිබේ. මූල්‍ය ක්ෂේත්‍රය අවුල්ජාලයක් බවට පත්ව ඇති අතර කුඩා පරිමාණ ව්‍යාපාරවලට ණය සඳහා 17% ක පොලියක් ගෙවීමට සිදුව තිබේ. එක් නිලධාරියෙක් අප සමග ඵැවසුවේ ඔහුගේ නායකත්වය ක්‍රිකට් කමිටුවට ලැබුණහොත් පරිපාලනය නරක තත්වයෙන් ඉතා නරක තත්වයට පත්වනු ඇති බවයි.
තේරීම් ප්‍රධානී සනත් ජයසූරිය නිල් වීිඩියෝවල සිටින විට, කමිටුවේ භාණ්ඩාගාරිකවරයා මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනය කරන විට සහ ක්‍රීඩා අමාත්‍යවරයා ජෝකර් කෙනෙකු සේ හැසිරෙන විට හා ඉංග්‍රීසි ක්‍රිකට් යෙදුම් හරිහැටි උච්චාරණය කර ගන්නට ඔහුට නොහැකි විට කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් තම ජේ්‍යෂ්ඨයන්ට ගරු කරන්නේ කෙසේද? මුලින් වෙනස් විය යුත්තේ ඔවුන් ය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...