BREAKING NEWS
latest

728x90

468x60

Sunday, August 27, 2017

එජාප පසු පෙළට මෛත්‍රි හෙළි කළ රහස

මේ සාකච්ඡාවේදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ඇමැතිවරුන්, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ ක්‍රියා කලාපය විවේචනයට ලක්කර ඇති එ.ජා.ප මන්ත්‍රිවරුන්, එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්ද ලබාගෙන මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති තනතුරට පත්වූ බව අමතක කර විවිධ විවේචන කරන බව පෙන්වා දී ඇතැයි පැවසේ.

පසුගිය මහ මැතිවරණය පැවැත්වීමට ආසන්නයේ ශ්‍රී .ල.නි. පක්ෂයේ සහ එ.ජ.නි. සන්ධානයේ ලේකම්වරුන් දෙදෙනා තනතුරුවලින් ඉවත් නොකරන්නට, එක්සත් ජාතික පක්ෂයට මැතිවරණය ජයග්‍රහණය ලබා ගැනීමට නොහැකි වෙන බව මේ සාකච්ඡාවේදී පෙන්වාදී ඇති ජනාධිපතිවරයා ඒ බව හොඳින් මතක තබා ගන්නවා නම් හොඳ යැයි පැවසූ බවද දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වී සිටින ඇමැතිවරුන්ට එල්ල කරන චෝදනා, එම ඇමැතිවරු එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන්ටත් එල්ල කරන බව ජනාධිපතිවරයා සඳහන් කළ බව එම සාකච්ඡාවට සහභාගි වූ එජාප පසුපෙළ මන්ත්‍රිවරයෙක් පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්වීමට අවසර ඉල්ලූ අවස්ථාවේ ලබන දෙසැම්බර් මාසය දක්වා අමාරුවෙන් රඳවා ගෙන සිටින බවද මෙහිදී ජනාධිපතිවරයා සිහිපත් කර ඇතැයිද ශ්‍රී.ල.නි. පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් කුමන තත්ත්වයක් ඇතිවේ දැයි ප්‍රශ්න කර ඇතැයිද දැනගන්නට ඇත.

එජාප මන්ත්‍රි කණ්ඩායම සමඟ මාසකයට වරක්වත් හමුවී සාකච්ඡා කරන ලෙසද එම මන්ත්‍රි පිරිස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් 52 දෙනකු මේ හමුවට සහභාගි වී ඇතැයි දැනගන්නට ඇත.

මේ පිරිස ජනාධිපතිවරයා වෙත කැඳවා ගෙන යෑමට මුල්වී ඇත්තේ රවි කරුණානායක මහතා බවත්, මෙහිදී මන්ත්‍රි පිරිස වෙනුවෙන් ඔහු ස්තුති කළ බවත් වාර්තා වෙයි.

ආශු මාරසිංහ මෙහිදී දේශනයක් පවත්වාගෙන යද්දී හා දැන් ඇතියි ජනාධිපතිවරයා පැවසූ බවක් ද සාකච්ඡාවට සහභාගි වූ මන්ත්‍රිවරයෙක් කීවේය.
« PREV
NEXT »