BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, August 08, 2017

ජාතිවාදය අවුස්‌සා යහපාලනය කඩන්න ගන්නා උත්සාහයට ඉඩ දෙන්නේ නැහැ

ප්‍රදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතින් මඩකලපුව කල්ලඩි ප්‍රදේශයේදී එක්‌සත් ජාතික පක්‌ෂ දිස්‌ත්‍රික්‌ කාර්යාලයක්‌ පෙරේදා (06දා) උත්සවාකාරයෙන් විවෘත විය.

එක්‌සත් ජාතික පක්‌ෂ දිස්‌ත්‍රික්‌ සංවිධායක කේ. මකේස්‌වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විවෘත කිරීමේ උත්සවයට දිස්‌ත්‍රික්‌කයේ විවිධ ප්‍රදේශවල එක්‌සත් ජාතික පක්‌ෂ සාමාජිකයන් විශාල පිරිසක්‌ සහභාගි වූහ. මෙහිදී ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆSල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අදහස්‌ දක්‌වමින් - මහින්ද රාජපක්‌ෂ හිටපු පාලකයා මෙරටේ නැවතත් ජාතිවාදය අවුස්‌සලා පවතින යහපාලන රජය කඩා කප්පල් කිරීමට උත්සාහ කරනවා. මීට පස්‌සේ මේ රටේ ජාතිවාදය අවුස්‌සන්න රජය ඉඩ නොදෙන අතර කඩාකප්පල් වැඩවලට ඉඩ දෙන්නේ නැහැ. මැතිවරණ කාලයේ සුළු ජාතීන්ට අපි පොරොන්දු වුණා නිදහසේ සමාන අයිතිවාසිකම් සමඟ ජීවත්වීමට අවස්‌ථාව ලබාදෙන බවට. ඒ අනුව දැනට මෙරටේ බහුතර සිංහල ජනතාවට තිබෙන අයිතිවාසිකම් සුළු ජාතීන් වන දෙමළ, මුස්‌ලිම්, ක්‍රිස්‌තියානි, බර්ගර් ජනතාවටත් සමානව ලබාගෙන නිදහසේ ජීවත් වීමට අවශ්‍ය නව දේශපාලනයක්‌ රජය විසින් සකස්‌ කරගෙන යනවා. නැවතත් මේ රටේ යුද්ධයක්‌ ඇතිවන්නට රජය ඉඩ දෙන්නේ නැහැ. මෙරටේ ජනතාව කිසිදු බියකින් තොරව සංහිඳියාවෙන් නිදහසේ ජීවත්වීමට අවස්‌ථාව ලබාදීමට ප්‍රධාන දේශපාලන පක්‌ෂ ගිවිසුමක්‌ ඇති කර යහපාලන රජයක්‌ පවත්වාගෙන යනවා.
« PREV
NEXT »