BREAKING NEWS
latest

728x90

468x60

Saturday, August 12, 2017

විජයදාසගේ කෙටුම්පත් කිරිඇල්ල ආපසු ගනියි

අධිකරණ ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා විසින් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ පනත් කෙටුම්පත් සහ ගැසට්‌ නියෝගයක්‌ සභානායක ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඊයේ (11 දා) න්‍යාය පත්‍රයෙන් ඉල්ලා අස්‌කර ගන්නා ලදී.
මෙසේ න්‍යාය පත්‍රයෙන් ඉවත් කර ගන්න ලද්දේ අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධි විධාන) (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියෝගයකි.

සභානායකවරයා න්‍යාය පත්‍රයෙන් මෙම අයිතමයන් දෙක ඉවත් කර ගන්නා අවස්‌ථාවේදී අධිකරණ ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා සභා ගැබේ සිටියේ නැත.

ඉදිරි දිනක විවාද කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත න්‍යාය පත්‍රයේ 172 වැනි අංකය යටතේද ගැසට්‌ නියෝගය 176 වැනි අංකය යටතේද පෙළගස්‌වා තිබිණි.
 


« PREV
NEXT »