BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, August 15, 2017

ප‍්‍රමුඛතා මංතීරු ඉදිරියේ දී දිවයින පුරා

ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමිකව දිවයින පුරා කි‍්‍රයාත්මක කරන බව ඇමති චම්පික රණවක පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ අද (15) දින මොරටුව කුරුස හන්දියේ සිට කටුබැද්ද දක්වා ප‍්‍රමුඛතා මංතීරු කි‍්‍රයාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි. එයට සමගාමීව වැල්ලවත්ත සැවොයි මංසන්දියේ සිට බම්බලපිටිය දක්වාත් අද දින සිට මංතීරු ක‍්‍රමය කි‍්‍රයාත්මක වේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘අද මෙරට මගී ප‍්‍රවාහන සේවය අලූත් දිනයක්. විශේෂයෙන්ම අපි පසුගිය මැයි මාසයේ පර්යේෂණයක් කළා මාර්ගයේ එක් මංතීරුවක් පොදු ප‍්‍රවාහනයට වෙන් කර එයින් මාර්ග තදබද ගැටළුවට විසඳුමක් සොයන්නේ කෙසේ ද කියා. එය සාර්ථක ක‍්‍රියාවලියක් බව අවබෝධ උනා. ඒ අනුව අද සිට උදේ 6.00 සිට 9.00 දක්වා කොළඹ දෙසට මොරටුව කුරුස හන්දියේ සිට කටුබැද්දටත්, සැවෝයි මංසන්දියේ සිට බම්බලපිටියටත් පොදු ප‍්‍රවාහන මංතීරු ක‍්‍රමයක් අපි හඳුන්වා දී තිබෙනවා. මෙය පර්යේෂණයක් නෙමෙයි, දිගටම කි‍්‍රයාත්මක කරගෙන යනවා ඒ සඳහා සියලූ දෙනාගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. පියවරෙන් පියවර ගාලූ පාරෙත්, බත්තරමුල්ල පොල්දුව මන්සන්දියේ සිට පාර්ලිමේන්තු පාරෙත්, බොරැල්ලේ සිට මරදාන දක්වාත්, 138 මාර්ගයේ යම් කොටසකත් කි‍්‍රයාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මෙගින් ලැබෙන සාර්ථක අත්දැකීම් මත ඉදිරි කාලයේදී සීග‍්‍රගාමී නව බස් සේවාවක් ඇතිකිරීමේ පසුබිමත් හදාගන්න බලාපොරොත්තු වෙනවා. පොදු ප‍්‍රවාහනය ශක්තිමත් කිරීම තුළ පමණයි මාර්ග තදබයට විසඳුම තිබෙන්නේ. මෝටර් රථ, යතුරු පැදි වැඩි වැඩියෙන් පාරට ආවයි කියා මාර්ග තදබදයට විසඳුමක් නැහැ. එනිසා දුම්රිය, බස්රිය වගේම වෑන් රථ මගින් පොදු ප‍්‍රවාහනය ශක්තිමත් කිරීම තමයි මෙම කි‍්‍රයාවලියේ අරමුණ වී තිබෙන්නේ.

ඒ සඳහා රියදුරන් ඇතුළු සෑම දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා. අද දින යම් යම් අපහසුතාවයන් ඇති විය හැකියි. පොලීසිය සක‍්‍රීයව මෙම කි‍්‍රයාවලියට මැදිහත් වී තිබෙනවා. මා ස්තූතිවන්ත වෙනවා මේ කි‍්‍රයාවලිය සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය දක්වන සියළුම ආයතනයන් සහ සංගමයන්ට.

දියුණු රටවල පෞද්ගලික වාහන නෙමෙයි භාවිත වෙන්නේ පොදු ප‍්‍රවාහනයයි. රටක දියුණුව මැනෙන්නේ පුද්ගලික වාහන කොපමණ තිබෙනවාද කියන එක මත නෙමෙයි, පොදු ප‍්‍රවාහණය කොපමණ ප‍්‍රමාණයක් භාවිත කරනවා ද කියන එක මතයි. මෙපමණ කලක් අපි පාරවල්වලට වියදම් කළා මෙතැන් සිට පොදු ප‍්‍රවාහණය ශක්තිමත් කිරීම රජයේ එක් අරමුණක්. ඒ වගේම වැදගත් පියවර කිහිපයක් රජය මගින් ඉදිරියට ගනු ලබනවා. දුම්රිය සේවය නවීකරණය කරන්න, කැළණිවැලි දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් කරන්න. ඒ වගේම විදුලිකරණය කරන්න. එය ප‍්‍රවාහන අමාත්‍යාංශය යටතේ සිදු කෙරෙනවා. ඒ වගේම සැහැල්ලූ දුම්රිය හඳුන්වාදීමේ කි‍්‍රයාවලිය ලබන වසරේ අග භාගයේ සිට කි‍්‍රයාත්මක කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම තුළින් බස්රථවල පමණක් නෙමෙයි සෙසු වාහනවලත් විනයක් ඇතිවන බව රාජගිරියේ සිට ආයුර්වේද මංසන්දියට කළ පර්යේෂණයේදී පෙනී ගිය බව අමාත්‍යවරයා පැවසීය.
« PREV
NEXT »