BREAKING NEWS
latest

728x90

468x60

Saturday, August 12, 2017

සුවිප් එකක් ඇදුන මාරපන සුවිප් එපා කිවුවේ ඇයි


පුරප්පාඩු වූ විදේශ කටයුතු අමාත්‍ය ධූරය තිලක් මාරපන මහතාට ලබාදීමට තීරණය වී ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මාරපන මහතා ද නව ධූරය භාරගැනීමට එකඟවී ඇති බව පැවසෙන අතර කෙසේවුවද විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ පවතින ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය අදාළ විශයට නොගැලපෙන බැවින් ඒවා අවශ්‍ය නොවන බව ඔහු පවසා තිබේ.

ඒ අනුව මීට පෙර පැවැති ආකාරයටම ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යංශයට ලබාදීමට නියමිත බව පැවසේ.


කෙසේවුවද, මේවන විට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මස්සිනා වන රොමේෂ් ජයවර්ධන මහතාය.


එසේම, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ද කරුණානායක මහතාගේ කිට්ටුවන්තියක වන ශර්මිලා පෙරේරා මහත්මියයි.
« PREV
NEXT »