BREAKING NEWS
latest

728x90

468x60

Saturday, August 12, 2017

සයිටම් සභාපති මහ මැතිවරණයට

තමා නැවතත් දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රධාන පෙළේ දේශපාලන පක්‍ෂයකින් තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ඊයේ (11 දා) කියා සිටියේය.
තමන් ජනතාවට කරන සේවය අනුව දේශපාලනයට පිවිසීමට අයිතියක්‌ තිබෙන බව කී නෙවිල් ප්‍රනාන්දු මහතා රුපියල් කෝටි ගණනක්‌ වියදම් කර ඉදි කරනු ලැබූ රෝහල රජයට පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූයේ මහජනයාට සේවයක්‌ කිරීම සඳහා යෑයිද පැවසීය.
තමාගේ රෝහල රජයට පරිත්‍යාග කළ මොහොතේ රජයෙන් කිසිදු මුදලක්‌ ලබා නොගත් බවද නෙවිල් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

තම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහිටි මාලබේ ප්‍රදේශයේ ශ්‍රී ල. නි. ප. ආසන සංවිධායක වන සුසිල් ප්‍රේම ජයන්ත ඇමැතිවරයා ඔහුගේ ආසනයේ දියුණුව වෙනුවෙන් කරපු දෙයක්‌ නැතැයිද හෙතෙම කීවේය.

දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු මහතා මෙසේද කියා සිටියේය. මා දේශපාලනයට එන පක්‍ෂය කුමක්‌ දැයි කියා තාම තීරණය කර නැහැ. අධ්‍යාපන ක්‍ෂේත්‍රයට වැඩියෙන් සේවය කරන පක්‍ෂය ගැන සලකා බලා ඒ ගැන පියවරක්‌ ගන්නවා. මා දේශපාලනයට පැමිණියහොත් ඔය සුසිල් ප්‍රේම ජයන්තලාගේ කෑගැහීම නතර වෙන්න පුළුවන්. එයාලාගේ ශබ්දය විතරයි වැඩ නෑ.

සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා කියනවා ආණ්‌ඩුව තුළ කලකිරීමෙන් ඉන්නවා කියලා. එහෙම කිය කිය ඉන්නෙ නැතිව එයාට ආණ්‌ඩුවෙන් අයින් වෙන්න පුළුවන්නෙ.
« PREV
NEXT »