BREAKING NEWS
latest

728x90

468x60

Thursday, August 03, 2017

මහාභාරකාරට පැවරූ කෝටි ගණනක දේපළ පසුගිය සමයේ හොරකම් කරලා

මහජනතාව දැඩි විශ්වාසයෙන් හා විවිධ අධිෂ්ඨානයෙන් මහාභාරකාර දෙපාර්තමෙන්තුවට පරිත්‍යාග කළ කෝටි ගණන් මුදල් හා දේපළ පසුගිය රජය සමයේ හොරකම් කර ඇති බව අධිකරණ හා බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

මහාභාරකාර දෙපාර්තමේන්තුවට පස්සා දොරෙන් දේශපාලනය පත්විම් ලබාගත් පුද්ගලයින් මෙලෙස රුපියල් මිලියන 499ක් හොරකම් කර ඇති බවත් එම හොරකම් පිළිබඳව විමර්ශන වත්මන් රජය මූල්‍ය අපරාධ කොට්ඨාසයට පවරා ඇති බවත් ඇමැතිවරයා හෙළි කළේය.

දෙපාර්තමේන්තුව සතු වූ රුපියල් මිලියන 370ක් වංචා දූෂණය කර ඇති හිටපු නිලධාරීන් රුපියල් මිලියන 129ක් කඩාවැටීමට ලක්වූ ප්‍රමුඛ බැංකුවේ තැන්පත් කර හොරකම් කර ඇති බවද පෙන්වා දුන්නේය.

බුද්ධශාසන අමාත්‍යාංශයට අයත්ව තිබු දෙපාර්තමේන්තුව පසුගිය රජය සමයේ අයාලේ ගිය අකාර්යක්ෂම ආයතනය බවට පත්ව තිබූ බවත් පැවසූ ඇමැතිවරයා දෙපාර්තමේන්තුව ඉදිරි සති දෙක ඇතුළත ප්‍රතිසංවිධානය කරන බවද පැවසීය.

කරපු වැරදි ඔක්කොම කළේ හිටපු මහාභාරකාරවරුන්ගේ උපදෙස් අනුව යැයි කියමින් රාජ්‍ය නිලධාරීන්ට වරදවල් කාගෙවත් පිට පැටවිය නොහැකි බව පෙන්වා දුන් ඇමැතිවරයා රජයේ නිලධාරීන් සේවකයන් කටයුතු කළ යුත්තේ ආයතන සංග්‍රහය හා රාජ්‍ය චක්‍ර ලේඛන අනුව බව පැවසීය. රාජ්‍ය සේවකයින් සිය වගකීම දේව කාරියක් ලෙස සලකා කටයුතු කළ යුතු බවද එසේ නොකළ නිලධාරීන්ට එරෙහිව බරපතළ තීන්දු ගැනීමට රජයට සිදුවන බවද පැවසීය.

මහාභාරකාර දෙපාර්තමේන්තුව රටේ විශ්වාසවන්ත ආයතනය බවට පත් කරමින් වත්මන් රජය ප්‍රථම වතාවට පුවත්පත් දැන්වීමකින් සුදුස්සන් තෝරා මහාභාරකාර තැන පත්කළ බවත් පැවසූ රාජපක්ෂ මහතා මහාභාරකාර දෙපාර්තමේන්තුව ජනතා විශ්වාසයෙන් යුත් රාජ්‍ය ආයතනය බවට පත් කරන බවද පැවසීය.

එම දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇමැතිවරයා මෙම කරුණු හෙළි කළේය.
« PREV
NEXT »