BREAKING NEWS
latest

728x90

468x60

Sunday, August 27, 2017

ඒකාබද්ධය හා මංගල අතර විශේෂ හමුවක්.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු හා මුදල් සහ මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතර විශේෂ හමුවක් ලබන සතියේ පැවැත්වීමට නියමිතය.

ඒ, නව දේශීය ආදායම් පනත සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහාය.

සංශෝධිත නව දේශීය ආදායම් පනත ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනද, එය ලබන මස මුලට කල්දමනු ලැබිය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ දිනය තුලදීම සම්මතකර ගැනීමට ආණ්ඩුව තීරණය කිරීම ඊට හේතුවයි.

කෙසේවුවද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා විසින් රචිත ‘බදු දඩයම’ කෘතිය ඊයේ පාර්ලිමේන්තුව තුලදී අමාත්‍ය සමරවීර මහතා වෙත පිළිගන්වා ඇති අතර, ආණ්ඩුවේ නව ආධායම් පනත ගැන සාකච්ජාවක් කිරීමට ඒකාබද්ධ මන්ත්‍රී කණ්ඩායමකට අවස්ථාවක් ලබාදෙන ලෙස ඔහු එහිදී ඇමතිවරයා ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව නව පනත සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය දැනුවත් කිරීමේ විශේෂ සාකච්ජාවක් ලබන සතිය මුලදී මුදල් තුල සංවිධානය කිරීමට අමාත්‍ය මංගල සමරවීර මහතා කටයුතු යොදා ඇත.

බන්ධුල ගුණවර්ධන මහතා රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයකුව සිටි වකවානුවේදී ද නව ආදායම් පනතක අවශ්‍යතාවය අවධාරණය කරනු ලැබුවෙකි.
« PREV
NEXT »