BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, August 15, 2017

ශිරන්තිගෙන් පැය දෙක හමාරක් ප්‍රශ්න කරයි

රතුකුරුස සංවිධානය විසින් සිරිලිය සවිය වැඩසටහන සදහා ලබා දෙනු ලැබූ ඩිෆෙන්ඩර් රථයක පාට වෙනස් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය ශිරාන්ති රාජපක්ෂ මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) පැය දෙක හමාරක් පුරා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.



රහස් පොලිසිය කළ දැනුම් දීම අනුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (15) උදෑසන 10.05ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණියාය. දහවල් 12.35 පමණ වන තුරු ඇගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව රහස් පොලිසියේ ආරංචි මාර්ග කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෙට යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.
මීට පෙර මේ දෙදෙනාම රහස් පොලිසියට කැදවා තිබුණු අතර ඔවුන් ඒ සදහා වෙන් දිනයක් ඉල්ලා තිබිණි.
« PREV
NEXT »