BREAKING NEWS
latest

728x90

468x60

Sunday, August 06, 2017

රජය කිසිම සහනාධාරයක් කපා දමන්නේ නෑ

රජය කිසිම සහනාධාරලාභියකුගේ සහනාධාරයක් කපා දැමීමට මේ අවස්ථාවේ කටයුතු නොකරන බැවින් සමෘද්ධි සහනාධාරලාභීන් කිසිම බියක් ඇති කර ගත යුතු නැතැයි සමාජ සවිබල ගැන්වීම, සුබසාධන හා කඳුරට උරුමයන් පිළිබඳ ඇමැති එස්. බී. දිසානායක මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ එම අමාත්‍යාංශයේ දී පෙරේදා (03) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

"සමෘද්ධි සහනාධාරලාභීන් පිළිබඳව විද්‍යාත්මක මට්ටමින් සමීක්ෂණයක් සිදු කළා. ඒ අනුව සමෘද්ධිලාභීන්ගේ පවුලේ සියලු තත්ත්වවලට ලකුණු වැටෙන ආකාරයේ ක්‍රමයක් සකස් කළා. ඒ හරහා ලැබුණු දත්ත ලේඛන මේ වන විට සමෘද්ධි කාර්යාලවල ප්‍රදර්ශනය කර තිබෙනවා. මෙය කිසිවකුගේ සහනාධාරයක් කපා දැමීමක් නොවන බැවින් ඒ සම්බන්ධයෙන් කලබල විය යුතු නෑ. එම දත්ත ලේඛනය ගැන අකමැත්තක් ඇත්නම් අභියාචනයක් ඉදිරිපත් කරන්නට සමෘද්ධිලාභියාට අවස්ථාව ලබා දී තිබෙනවා. එම අභියාචනා විභාගයට ගැනීමෙන් පසුව අවසන් දත්ත ලේඛනය ප්‍රසිද්ධියට පත් කරනවා.

මා මේ අමාත්‍යාංශය භාර ගත්ත විගස සහනාධාරලාභීන් තෝරා ඇති ආකාරයේ විශාල වෙනසක් තිබෙන බවට හා සහනාධාර ලැබිය යුතු අයට සහනාධාර ලැබී නැති බවටත්, නොලැබිය යුතු අයට සහනාධාර ලැබී තිබෙන බවටත් චෝදනා ආවා. එවැනි තත්ත්වයක් තිබෙන බව බැලු බැල්මට අපට ද තේරුණා. පසුගිය මැතිවරණ පොරොන්දු අනුව සහනාධාර වැඩි කළා. මේ මුදල් වැඩි කරන විට මේ අයගේ පවුලේ තත්ත්වය, ආර්ථික මට්ටම ගැන සමීක්ෂණයකින් යුතුව නොවේ ඒ කටයුතු සිදු වුණේ. දේශපාලන තීන්දුවක් මත තමයි ඒවා වැඩි කළේ. අපි මේ පිළිබඳව අවබෝධය ඇති අයගේ අදහස් ගෙන සංකීර්ණ විද්‍යාත්මක ප්‍රශ්න පත්‍රයක් හරහා සමීක්ෂණ වාර්තාවක් කළා. එය පිටු 17කින් සමන්විතයි. පරිගණක ගත කරන්න පුළුවන් ලෙසයි අපි මෙය හැදුවේ. එහි දී මේ අයගේ දුප්පත්කම, වයස, ඉගෙන ගන්න ළමයි, පවුලේ තත්ත්වය ඇතුළු සියලු අංශවලට ලකුණු වැටෙන ක්‍රමයක් හැදුවා. අලුත් මෘදුකාංගයක් ඔස්සේ එය සකස් කළා. සහනාධාර දෙන්නේ අපි දැනට ලක්ෂ 14යි. අලුතින් ලක්ෂ 7, 8ක් ඉල්ලලා තිබෙනවා. අපි මේ ලක්ෂ 23ක විතර අයගේ සියලු විස්තර මේ මෘදුකාංගයට ඇතුළත් කළා. ඒ අනුව ඒ අයට ලකුණු වැටිලා වර්ගීකරණය කරලා අපිට ලේඛනයක් එනවා. ඒ ලේඛනය අනුව සමහර අයට සහනාධාර අඩු වෙන්න, වැඩි වෙන්න, ලැබෙන්න, නොලැබෙන්න පුළුවන්. එය අපි ප්‍රදර්ශනය කරනවා. ඒ අතර අපි සහනාධාර කපන්නේ නෑ. වෙනසක් කරන්නේ නෑ. මේ තේරීම ගැන ප්‍රශ්නයක් තිබෙනවා නම් අභියාචනා ඉදිරිපත් කරන්න පුළුවන්.

අපි කමිටුවක් පත් කළා අභියාචනා විභාග කරන්න. ඒ අනුව අපි අදාළ පුද්ගලයා ගෙන්වා, නිලධාරියාත් ගෙන්වා, සම්පූර්ණ කරනු ලැබු පත්‍රිකාවත් අරගෙන බලනවා පත්‍රිකාවේ වරදක් ද එසේත් නැත්නම් මේ තොරතුරු වැරැදිද කියලා . වැරැද්දක් නම් ඒවා හදනවා. ඊට පසු නැවත මේ පත්‍රිකාව ප්‍රසිද්ධ කරනවා. ඒ නිසා කිසිවෙක් බිය වෙන්න එපා සහනාධාර කැපෙන්නේ නෑ. තමන් ඒ ලැයිස්තුවේ තේරීමට එකඟ නැත්නම් අභියාචනාවක් දාන්න පුළුවන්කම තිබෙනවා. කමිටුවේ අවසන් ලැයිස්තුව අනුව තමයි සහනාධාරවල වෙනසක් වන්නේ. මේ ලැයිස්තුවේ පළමු තේරීම දැන් ඉවරයි. දැන් අභියාචනා සඳහා කාලය වෙන් වෙලා තිබෙනවා. ඉන් පසු නැවත සංශෝධනය කරනවා. ඒ නිසා කලබල වෙන්න අවශ්‍ය නෑ.

රජය ප්‍රතිපත්තියක් ලෙස පෞද්ගලික විශ්වවිද්‍යාල ලංකාවේ හඳුන්වාදීම පිළිගෙන තිබෙනවා. මම මධ්‍ය කාලීන, කෙටි කාලන හා දිගු කාලීන වැඩපිළිවෙළ රැසක් උසස් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ඉදිරිපත් කළා. ඒ කාලේ රජයේ විශ්වවිද්‍යාලවලටත් විදේශීය දරුවෝ ගෙනත් දැම්මා. ශ්‍රේණිගත කිරීම්වල ඉහළට එන්න ඕන සියල්ල අපි කළා. පුද්ගලික විශ්වවිද්‍යාල ආයතන 14ක් ගැසට් කරලා ඒවා උපාධි පාඨමාලා පවත්වන උපාධි පිරිනමන ආයතන ලෙස පිළි ගත්තා. ඒ ආයතනවල අද දරුවෝ ඉගෙන ගන්නවා. මාලඹේ අපි වෛද්‍ය උපාධි දෙන ආයතනයක් ලෙස දෙන්න ගැසට් කළා. වෛද්‍ය උපාධිධාරීන් ලෙස වෛද්‍ය සභාව මේ අය භාර ගන්නේ නැත්නම් වෛද්‍ය සභාවේ තීරණය නොසලකා හැර මේ ළමයි වෛද්‍යවරුන් ලෙස සලකන්න ඇමැතිවරයාට බලය තිබෙනවා.

මේ දරුවන් තෝරා ගත්තේ සුදුසුුුුකම් අනුවයි. කොතලාවල එකේ මේ කිසිම නිර්නායකයක් නෑ. ඒක බොහොම කීකරුව වෛද්‍ය සභාව හා සංගමය එක්ව සිදු කළේ. ඒකට පනත් වෙනස් කරලා අනුමැතිය දුන්නා. පෞද්ගලික අධ්‍යාපනය නැත්තේ ලෝකයේ රටවල් දෙකක පමණයි. ඒ කියුබාවේ හා උතුරු කොරියාවේ විතරයි. එහි විශ්වවිද්‍යාලවලට යන දරුවන්ගේ ප්‍රමාණය ඉතා ම පහළ තිබෙන්නේ. ලංකාවට ඉතා හොඳ අවස්ථාවක් උදාවෙලා තිබෙන්නේ. ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රය වෙන්න පුළුවන්. අද ලංකාව හොඳ අධ්‍යාපන මට්ටමකින් ගොඩ නඟන්න පුළුවන්. ඇයි ඒකට ඉරිසියා කරන්නේ. මාලඹේ අඩුපාඩුවක් තිබෙන්නේ සායනික පුහුණුවේ. වෛද්‍ය සංගමය තමයි සායනික පුහුණුව ඒ දරුවන්ට දුන්නේ නැත්තේ. හෝමාගම දුන්නාම විරුද්ධ වුණා. එදා ඒ සංගමයට දඬුවම් කරන්න තිබුණා වෛද්‍ය සභාවට. අද විශ්වවිද්‍යාල සිසුන් ළඟ පෙරටුගාමී අදහස් තිබෙන්නේ. ඒ අය හිතන්නේ රජයේ විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා විසිපන්දහස ඉගෙන ගත්තාම ඇති කියලා.

වෛද්‍ය සංගමය විරුද්ධ වුණ ඇතැම් පාඨමාලා මම ආරම්භ කළා. අද ඒවා යනවා. ෆාමසිස්ලාට, භෞතචිකිත්සකවරුන්ට වෛද්‍යවරුන් වෙන්න මාර්ග ලෝකයේ අද තිබෙනවා. මාලඹේ සයිටම් එකට පොදු වෛද්‍යවරුන් විරුද්ධ නෑ. පොදු සිසුන් ද විරුද්ධ නෑ. මේ බොහොම සුළු පිරිසක් තමයි විරුද්ධ වන්නේ. ජනතාව ඉන්නේ සයිටම් එකට පක්ෂපාතීව. ඒ ගැන සිදු කරන ලද පරීක්ෂණ රැසකින් පැහැදිලි වී තිබෙනවා.

මේ අධ්‍යාපනය පසුගිය රජය පිළි ගත්තා. මම ගැසට් කළ එක එදා පාර්ලිමේන්තුවේ කියෙව්වේ දිනේෂ්. එකට එදා මේ අය විරුද්ධ වුණේ නෑ. අද මෙය දේශපාලන ආයුධයක් ගෙන මිනිසුන්ට හිරිහැරයක් කරනවා."
« PREV
NEXT »