Thursday, August 10, 2017
Home
Gossip Lanka News
කැබිනට් හමුවට රවි නෑ ඊයේ රැස්‌වීමත් උණුසුම්
කැබිනට් හමුවට රවි නෑ ඊයේ රැස්‌වීමත් උණුසුම්
-
Thursday, August 10, 2017
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09 වැනිදා) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සතියේ කැබිනට් රැස්‌වීම සඳහා විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මහතා සහභාගි වී නැත.
බැඳුම්කර කොමිසම හමුවේ චෝදනා එල්ල වී ඇති ඒ මහතාගෙන් නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ඇති ආකාරය සම්බන්ධව මෙහිදී ඇමැතිවරුන් කිහිප දෙනකු චෝදනාත්මකව අදහස් දැක්‌වීම නිසා කැබිනට් රැස්‌වීම උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.
මෙහිදී අදහස් දැක්‌වූ සෞඛ්‍ය ඇමැති දොස්‌තර රාජිත සේනාරත්න මහතා පවසා ඇත්තේ රවි ඇමැතිවරයා සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියා කළ ආකාරයට පසුගිය රජයේ සිදුව ඇති මහා පරිමාණ වංචා දූෂණ සම්බන්ධව කටයුතු නොකිරීම කනගාටුවට කරුණක් බවයි.
එම මහා පරිමාණ දූෂණ සම්බන්ධවද නීතිපති දෙපාර්තමේන්තුව කඩිනමින් තීන්දු ගත යුතු බව රාජිත සේනාරත්න ඇමැතිවරයා විසින් සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් ඊයේ කැබිනට් රැස්‌වීමේදී රවි කරුණානායක ඇමැතිවරයා සම්බන්ධව කිසිදු තීරණයක් ගෙන නොතිබුණි.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...