BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, August 29, 2017

හූ කියන්න ඕනෑ ක්‍රීඩකයන්ට නොව ක්‍රිකට්‌ පරිපාලකයන්ටයි

ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ප්‍රේක්‍ෂකයන් ඉන්දීය ප්‍රේaක්‍ෂකයන්ගේ මට්‌ටමට නොවැටිය යුතු බවත් ඔවුන් සැබෑ ලෙසම "හූ" තැබිය යුත්තේ ක්‍රීඩකයන්ට නොව ක්‍රිකට්‌ පරිපාලකයන්ට බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ හිටපු නායක, ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ (28 දා) ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අර්ජුන රණතුංග මහතා මෙසේද පැවසීය.

"ශ්‍රී ලංකාව කියන්නේ ඉතිහාසයක්‌, සංස්‌කෘතියක්‌ තිබෙන ජාතියක්‌. කොච්චර මැච් පැරදුණත් හිනාවෙලා ගෙදර ගිය ඉතිහාසයකුත් අපට තිබුණා. පෙරේදා පල්ලේකැලේදී ප්‍රේක්‍ෂකයන් හැසිරුණු ආකාරය කොහෙත්ම අනුමත කරන්න බැහැ. ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන් තමන්ගේ දරු පවුල් පවා අමතක කරලා ක්‍රීඩාව වෙනුවෙන් ලොකු කැපකිරීමක්‌ කරනවා. එම ක්‍රීඩකයන්ට නිදහස්‌ මනසකින් ක්‍රීඩා කරන්න පුළුවන් පරිසරයක්‌ සැකසිය යුතුයි. 

අද ක්‍රිකට්‌ පරිපාලනයේ ප්‍රශ්න ටික ඔක්‌කොම ක්‍රීඩකයන්ගේ පැත්තට තල්ලු කරලා දාන්නයි හදන්නේ. ක්‍රීඩකයන්ගේ වැරදි තියෙනවා.

නමුත් ඒවා හදාගන්න පුළුවන්. ක්‍රිකට්‌ පරිපාලකයෝ කරන වැරදිවලට ක්‍රීඩකයෝ පලි නැහැ.

නවසීලන්තය සමඟ නුවරදී පැවැති තරගයකදී ඔය වගේ දෙයක්‌ සිදු වුණා. නමුත් ඒක කෙලින්ම ක්‍රීඩාවට සම්බන්ධ දෙයක්‌ නොවෙයි. අපිත් "මැච්" පැරදිලා තියෙනවා. එවැනි අවස්‌ථාවල අපිටත් "හූ" කියනවා ඇහිලා තියෙනවා. ඒක සාධාරණයි. නමුත් ඉන්දියානු ප්‍රෙAක්‍ෂකයන් වගේ හැසිරෙන්න එපා කියලා මම ලංකාවේ ප්‍රේක්‍ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා".
« PREV
NEXT »