BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, August 16, 2017

ශිරන්තිගේ නීතිඥයන් මහින්ද සමග CIDට රිංගන්න හදලා

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (15) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු‍ව වෙත කැඳවා තිබූ අවස්ථාවේ එම දෙපාර්තමේන්තුව තුළට ඇතුල්විය යුතුව තිබුණේ ඇයට පමණක් වුවත් ඇය සමඟ පැමිණි නීතිඥවරුන් හතළිහක පමණ පිරිසක් ඇතුළු කණ්ඩායමක් එම දෙපාර්තමේන්තුවේ දොරටුවෙන් බලහත්කාරයෙන් ඇතුළුවීමට ගිය බවත් එය පාලනය කිරීමට එහි සිටි පොලිස් නිලධාරීන් කිහිපදෙනාට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

ඇය සමග පැමිණි පමහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ද නාමල් රාජපක්ෂ ද , හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයද ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද සීඅයිඩිය අබියසට පැමිණියේය. මුදල් වියදම් කරමින් අති විශාල ජනතාවක්ද ගෙන්වන ලදී.

ශිරන්තිගෙන් ප්‍රශ්න කිරීමට ඇතුලට ගෙන යද්දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ නීතිඥයන්ට ඇය ලඟ සිටීමට අවසර ඉල්ලූ නමුත් ඔවුන්ට අවශ්‍ය නම් රහස් පොලිසියේ වෙනත් ස්ථානයක රැඳී සිටීමට අවස්ථාව සලසා දිය හැකි යයි ද ප්‍රශ්න කරන ස්ථානය වෙත පැමිණිය නොහැකි යයිද රහස් පොලිස් නිලධාරීහු දැනුම් දුන්හ.

ඒ අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ නීතිඥයන් වෙනත් ස්ථානයක රැඳී සිටියා.

රාජපක්ෂලාගේ වාහනයක් අවශ්‍ය නම් ඇතුලට ගැනීමට ඉඩ දිය හැකි යයි රහස් පොලිසිය පැවසුවද ටී.වී. කැමරා වලට ප්‍රචාරය සඳහා අවශ්‍ය බැවින් ඔවුන් වාහනය ඇතුලට ගැනීමට කැමැත්තක් දක්වා නැත.

මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් ශිරන්ති රාජපක්ෂව අද අත් අඩංගුවට ගන්නවා දැයි රහස් පොලිස් නිලධාරීන්ගෙන් විමසන ලද අතර නිලධාරීන් පිළිතුරු දී ඇත්තේ එවැන්නක් කිව හැක්කේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව බවයි.
« PREV
NEXT »