BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, August 16, 2017

යෝෂිත රාජපක්ෂ අද CIDට කැඳවයි

අද(16) දිනයේ යෝෂිත රාජපක්ෂ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිත බව වාර්තා වෙයි. ඒ සඳහා ඔහුට දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. වසිම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව ප්‍රශ්න කිරීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තා වෙයි.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ තිබේ. ඒ චීනයේදී කක්ෂගත කළ බව කියන සුප්‍රීම් සැට් – 1 (SupremeSAT-I) චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා බව සඳහන්ය. රෝහිත රාජපක්ෂ මහතා සුප්‍රීම් සමාගමේ තාක්ෂණික කණ්ඩායමේ ප්‍රධාන ඉංජිනේරුවා ලෙස කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තා වෙයි. සිරිලිය පදනමට අයත්ව තිබූ ඩිෆෙන්ඩර් රථයක් වසීම් තාජුඩීන්ගේ ඝාතනය සඳහා යොදාගෙන ඇති බවට අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ.
« PREV
NEXT »