BREAKING NEWS
latest

728x90

468x60

Thursday, August 17, 2017

ඉතුරුම්කරණයේ ඩිජිටල් විප්ලවය NSB i Saver සේවාව මුළු රටටම

ශ්‍රී ලංකාවේ පළමුවරට ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ ශ්‍රී ලංකා‍ ටෙලිකොම් මොබිටෙල් එක්ව ජනතා ඉතුරුම්කරණයේ ඩිජිටල් විප්ලවය NSB i Saver සේවාව මුළු රටටම හඳුන්වාදීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) කොළඹ ජාතික ඉතිරිකිරීමේ බැංකු මුලස්ථානයේදී සිදුකෙරිනි.


NSB i Saver සේවාව ඩිජිටල් කරණයේ අලුත්ම අත්දැකීම වන අතර සිය බැංකු ගනුදෙනුකරුවන්ට අවශ්‍ය පහසුව දවස පුරාම සලසයි. ශ්‍රී ලාංකේය ජනතාව අතර ඉතිරිකිරීමේ පුරුද්ද තව දුරටත් වැඩි දියුණු කිරීම මේ නවෝත්පාදන සේවාව තුළින් අපේක්ෂා කෙරේ.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් NSB i Saver සේවාව මුළු රටටම හඳුන්වාදීම සිදු කරනු ලැබු අතර පළමු ගනුදෙනුවද එම අවස්ථාවේදී සිදු කෙරිනි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙතින් ජනාධිපතිවරයාට සමරු තිළිණයක්ද පිරි නැමුනු අතර පළමු ගනුදෙනුකරුවන් දෙදෙනාට ජනාධිපතිවරයා අතින් තිළිණ ප්‍රධානයද සිදු කෙ‍‍රිනි.


මේ අවස්ථාවට විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැතිකභීර් හෂීම්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අස්වින් ද සිල්වා, ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සභාපති පී.ජී.කුමාරසිංහ සිරිසේන, ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරු මෙන්ම අදාළ ආයතන වල උසස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සේවක සේවිකාවන් ඇතුලු පිරිසක් සහභාගීවුහ.
« PREV
NEXT »