BREAKING NEWS
latest

728x90

468x60

Monday, September 18, 2017

පර්පෙචුවල් පලිසේනට බෝනස් කෝටි 10 ක්

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතාට එම සමාගම 2016 වසරේදී රුපියල් කෝටි 10 ක පාරිතෝෂිත දීමනාවක් ගෙවා ඇති බව බැඳුම්කර කොමිසමේ සාක්කි විභාගයේදී හෙළි විය.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් ‘සන්තෝෂම්’ ලබන ‘ලිට්ල් ජෝන්ලා’ වශයෙන් හඳුන්වන වෙනත් ආයතනවල ප‍්‍රාථමික ගැනුම්කරුවන් පිළිබඳව විමසූ අවසථාවේදී 2016 වසරේදී කසුන් පළිසේන මහතාට එම සමාගමෙන් රුපියල් කෝටි 10 ක පාරිතෝෂික දීමනාවක් ගෙවා ඇති බව හෙළි වූ අතර ඔහු ඒ බව කොමිසම හමුවේ පිළිගත්තේය.

2015 පෙබරවාරී මස පළමු වැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාක්කි විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි (සභාපති), ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරු හමුවේ සිදු කෙරේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ නැවත ප‍්‍රශ්න කිරීම්වලට පිළිතුරු දුන් කසුන් පළිසේන මහතා දුරකතන සංවාදවලදී ‘ලිට්ල් ජෝන්ලා’ යනුවෙන් හඳුන්වා ඇත්තේ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් ‘සංතෝෂම්’ ලබන වෙනත් ආයතනවල ප‍්‍රථමික ගැනුම්කරුවන් බව පිළිගත්තේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා – ඒ ‘ලිට්ල් ජොන්ලා’ කවුද?

පිළි. මා දන්නේ නැහැ.

ප‍්‍ර. ඔබ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන ගැනුම්කරු හා එහි ප‍්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කළා නේද?

පිළි. ඔව්.

ප‍්‍ර. එහෙනම් ඒ ‘ලිට්ල් ජොන්ලා’ කවුද කියා ඔබ නොදැන සිටීමට හේතුවක් නැහැ නේද?

පිළි. මා දන්නේ නැහැ.

ප‍්‍ර. පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම 2016 වසරේදී පාරිතෝෂික දීමනාව වශයෙන් ඔබට කොපමණ මුදලක් ගෙව්වාද?

පිළි. රුපියල් කෝටි 10ක පාරිතෝෂික දීමනාවක් මට ගෙව්වා.

ප‍්‍ර. 2016 වසරේදී පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වැඩිම පාරිතෝෂික දීමනාව ගෙව්වේ ඔබටද?

පිළි. ඔව්.

ප‍්‍ර. ඔබ 2016 වසරේදී පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ වැඩිම පාරිතෝෂික දීමනාලාභියා වූ නිසා ‘ලිට්ල් ජෝන්ලා’ කවුරුන්දැයි යන්න ඔබ හෙළි කරන්නේ නැතැයි කියා මා යෝජනා කරනවා.

පිළි. මා ඒ යෝජනාව පිළිගන්නේ නැහැ.

කොමිසමේ සාක්කි විභාගය සිදු කෙරේ.
« PREV
NEXT »