BREAKING NEWS
latest

728x90

468x60

Friday, September 29, 2017

ලබන සඳුදා සිට රු. 65ට අමරවීරගෙන් පොල්

අනවශ්‍ය ලෙස පාරිභෝගිකයින් පීඩාවට පත් කරන සංවිධාන හා ව්‍යාපාරිකයින්ට එරෙහිව ක්‍රියාත්මක විම සදහා පාරිභෝගික අධිකාරිය ශක්තිමත් කිරිමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව අමාත්‍ය මහින්ද අමරවී පැවැසීය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විවිධ සංවිධාන ඇතැම් භාණ්ඩවල මිල ඉහල නැංවිමට හිතුමතේ කටයුතු කරමින් සිටින බවයි.

හම්බන්තොට ප්‍රදේශයේදී පැවැති උත්සවයකදී මේ සම්බන්ධයෙන් අදහස් පල කළ අමාත්‍යවරයා පවසා සිටියේ ලබන සදුදා සිට පොල් අලෙවි මණ්ඩලය පොල් ගෙඩි ලක්ෂ 15ක් රුපියල් 65 බැගින් වූ මිල ගණන් යටතේ නගර වලට පැමිණ අලෙවි කිරිමට පියවර ගන්නා බවයි.
« PREV
NEXT »