BREAKING NEWS
latest

728x90

468x60

Friday, September 01, 2017

මට එරෙහි විශ්වාසභංගය විවාදයට ගන්නේ නෑ

තමාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය භාරදී ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට නොගන්නා බව සභානායක ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා දැනුම්දුන් බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් කර ඇති ඇතැම් කරුණු ගැන අධිකරණයේ නඩු පවතින බැවින් එය විවාදයට ගත නොහැකි බව සභානායකවරයා ප්‍රකාශ කළ බවද ඊයේ (30 දා) පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා කියා සිටියේය.

මෙම විශ්වාසභංග යෝජනාව හැකි ඉක්‌මනින් විවාදයට ගැනීමට තමාට අවශ්‍ය වූ බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවට යාමට පෙර විවාදයට ගතයුතු බවට තමා බලාපොරොත්තු වූවද එය විවාද කළ නොහැකි බව කිරිඇල්ල ඇමැතිවරයා කී බවද හෙතෙම කියා සිටියේය.

« PREV
NEXT »