BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, September 12, 2017

පියසේන දිසානායක අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ධුරයට

ග්‍රාමාත්‍යවරයාගේ ලේකම් දූරයක වෙනසක් වන බවට ගොසිප්99 අප ඊයේ (11) හෙලි කලා. ඒ පුවත සත්‍ය කරමින් ප්‍රවීණ මාධ්‍යවේදී පියසේන දිසානායක මහතා අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කොට ඇත.

දශක දෙකකට වැඩි කාලයක්‌ මාධ්‍ය ක්‍ෂේත්‍රයේ පළපුරුද්දක්‌ ඇති දිසානායක මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ උපාධිධාරියෙකි. අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් තනතුරට පත් කරන තෙක්‌ පියසේන දිසානායක මහතා 'දිවයින' පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයා ලෙස සේවයේ යෙදී සිටියේය.

මොනරාගල ඔබ්බෙගොඩ මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන දිසානායක මහතා 1990 දී ලංකාදීප පුවත්පතේ මොනරාගල මඩුල්ල ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස මාධ්‍ය ජීවිතය ආරම්භ කර තිබේ. 1997 දී ඒ මහතා 'දිවයින' පුවත්පතේ කර්තෘ මණ්‌ඩලයට එක්‌ව ඇත.
« PREV
NEXT »