BREAKING NEWS
latest

728x90

468x60

Saturday, September 23, 2017

දුම්රිය දෙපාර්තමේන්තුවේ තිරිසන් නිළධාරියෙක්, ආහාර ගනිමින් සිටි මගීන් පිරිසක් ආපනශාලාවෙන් පන්නා දමයි

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වන අංක 4021 දරන දුම්රියේ සැප්තැම්බර් 7 වැනිදා ගමන්ගත් කාන්තාවන් හා ළමුන් ඇතුළත් මගීන් පිරිසකට, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළදාරියකු විසින් කරනු ලැබූ තිරිසන් වැඩක් පිළිබද වාර්තා වේ. එම තිරිසනාගේ කරදරයට ලක් වූ මගී කාන්තාවක් තමන් මුහුණදුන් අත්දැකීම මෙසේ විස්තර කරයි.

‘අපි යානපනයේ දුම්රිය ස්ථානයට ගියේ කොළඹ බලා එන්න ටිකට්පතක් ගන්න. ආසන වෙන් කරලා නැති නිසා දුම්රිය ස්ථානාධිපතිතුමා කිව්වා, නියෝජ්‍ය ගමනාගමන අධිකාරීතුමන්ගේ විශේෂ අනුමැතියක් ලබාගත්තොත් ආසන නොමැති විවෘත ටිකට් නිකුත්කළ හැකි බවයි. ඒ අනුව අපි නියෝජ්‍ය ගමනාගමන අධිකාරී සෙනවිරත්න මහතා අමතා විවෘත ටිකට්පත් ලබා ගැනීම සදහා විශේෂ අවසරයක් ලබා ගත්තා.



ටිකට්පත් ලබා දෙමින් ස්ථානාධිපතිතුමන් කියා සිටියේ, මගීන් නොමැති හිස් ආසන වල ඉදගෙන යන ලෙසත් ආසනයට හිමි ටිකට්පතක් සහිත නියමිත මගීයා පැමිණි පසු ඔහු වෙනුවෙන් ආසනය ලබා දී ඉවත් වන ලෙසයි. අපි ඒ කොන්දේසියට එකගව ටිකට්පත් අරගන ගමනේ යෙදුණා.

අනුරාධපුරයෙන් අපි නැගිටලා ආපනශාලාව වෙත ගියේ අනුරාධපුරයෙන් නගින ආසන හිමි මගීන්ට ඉදගැනීම සදහා අවස්ථාව ලබා දෙන්න සහ කෙටි ආහාරයක් ආහාරයට ගන්න. අපි කෑම සහ බීම අරගන ආපනශාලාවේ ඉදගෙන ආහාරගනිමින් ඉන්නකොට, එතැනට පැමිණි තට්ටය ඇති පුද්ගලයෙක් වහාම අපිට ආපනශාලාවෙන් ඉවත් වන ලෙස කියා සිටියා. පසුව ඔහු දුම්රිය නිළධාරීන් කැදවා අපේ ප‍්‍රවේශපත‍්‍ර ලබාගන්නා ලෙසත් ආපනශාලාවෙන් පිටත් වන ලෙස දැනුම් දුන්නා. අපි අපේ ප‍්‍රවේශපත‍්‍ර අපි ලග තිබිය යුතු බව කීවාත් ඔහු ඒක නොසලකා අපි ආහාර ගනිමින් ඉන්නා බවක්වත් නොසලකා ඉන් ඉවත් කළා. කොටින්ම අපිට කන්න දුන්නේ නෑ.

ආහාර නොගෙනම යළිත් මැදිරියට ගිහිං හිස් ආසන තිබූ නිසා අපි වාඩි වෙලා කොළඹට ආවා. නමුත්, අපේ ප‍්‍රවේශපත‍්‍ර තිබුණේ දුම්රිය නිළධාරීන් භාරයේ. අපිට කොළඹ කොටුවෙන් බැහැලා ඉන් පිටතට යන්න සිද්ධ වුණේත් බයේ තිගැස්සී ටිකට් පතක්වත් අතේ නැතිව. අපේ කණ්ඩායමේ ළමුන් සහ කාන්තාවන් පවා හිටියා.

අපි මේ නිළධාරියා ගැන විරම් කළාට පස්සේ දැනගන්න ලැබුණේ ඔහු අනුරාධපුර ප‍්‍රවාහන අධිකාරී චන්ද‍්‍රසේන නම් කෙනෙක් බව.’

අනුරාධපුර ප‍්‍රවාහන අධිකාරීවරයාට තබා දෙයියන්නාසේටවත් දුම්රිය මගීන්ගේ ප‍්‍රවේශපත් තමන් සන්තක කර ගැනීමට අවසරයක් නැත. මගීන් දුම්රිය ස්ථානයට ඇතුළු වූ වේලාවේ සිට යළි දුම්රිය ස්ථානයකින් පිටතට යන වේලාව දක්වා ප‍්‍රවේශ පත‍්‍රය ලග තබා ගත යුතුය. චන්ද‍්‍රසේන නම් වෘත්තීය මෝජයා දුම්රියේම නීති කඩා ඇත.

එපමණක් නොව, කන බොන වේලාවක තිරිසනෙකුටවත් ඊට බාධා කරන්නේ නැත. එය අවම මනුෂ්‍ය විනයකි. එසේ කරන්නේ තිරිසනුන් පමණි. මේ තිරිසන් දුම්රිය නිළධාරියා ඒ අවම මනුෂ්‍ය විනය හෝ ආරක්ෂා කර නැති තිරිසනෙකි.

කෙසේ නමුත්, අනෙක් කාරණය නම් චන්ද‍්‍රසේන නැමැත්තා සදුදා කොළඹ සිට අනුරාධපුරයටත් බ‍්‍රහස්පතින්දා අනුරාධපුරයේ සිට කොළඹටත් මේ දුම්රියේ ගමන් කරන බව වාර්තා වේ. ඒ ප‍්‍රවේශපත‍්‍රයක් හෝ නොමැතිවය. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළ පමණට අම්මාගේ අප්පාගේ බූදලයක් භුක්ති විදින්නා වාගේ එසේ කිසිවෙකුටත් දුම්රිය තුළ ගමන් කළ නොහැක. මේ ගැනද දුම්රිය බලධාරීන් වෙනම පරීක්ෂණයක් කළ යුතුය.

දුම්රිය සේවයට විනකටින මෙවැනි පහත් නිළධාරීන් ගැන කටයුතු නොකරන්නේ ඇයි?
« PREV
NEXT »