BREAKING NEWS
latest

728x90

468x60

Friday, September 29, 2017

මමත් ලෑස්‌තියි පුළුවන්නම් නඩු දාන්න - රන්ජන්

නීතිඥවරුන්ගේ සංගමයට කියන්නේ පුළුවන්නම් මට නඩු පිට නඩු පවරන්න. මමත් ඒකට දැන් ලෑස්‌තියි. ඔප්පු කරන්නත් දේවල් මම ළඟ තියෙනවා. මම දැන් ඉන්නේ ඇමෙරිකාවේ. ලංකාවට ආපු ගමන් සටනට සූදානම්..." යෑයි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පැවැසීය. නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා විනිසුරුවරුන්ට හා නීතිඥවරුන්ට එරෙහිව පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ සංගමය විසින් අගවිනිසුරුවරයාට ලියවිල්ලක්‌ භාරදීම සම්බන්ධයෙන් විමසූ අවස්‌ථාවේ නියෝජ්‍ය ඇමැතිවරයා එසේ කියා සිටියේය. 

නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීය.

දැන් සමහර නීතිඥයෝ ඉන්නවා කෝටි ගණන් හම්බකරන්නේ. අහිංසක දුප්පත් ජනතාවගේ මුදල් හූරාගෙන කනවා. ඒ අතර හොඳ නීතිඥවරුන් ඉන්නවා. මම කාටත් අපහාසයක්‌ කළේ නැහැ. මම කිව්වෙ ඇත්ත. මට ඕන නඩුවක්‌ දාන්න මමත් ඒකට ලෑස්‌තියි. මම මේවා කිව්වේ ජනතාවට. මම ජනතාවත් එක්‌කයි ඉන්නේ.
« PREV
NEXT »