BREAKING NEWS
latest

728x90

468x60

Friday, September 15, 2017

ලලිත් හා අනුෂ යුද්ධයේදී කළ මෙහෙය අමතක කළ නොහැකියි

සංඝයා වහන්සේට එළවා එළවා පහර දීමේ කොන්ත්‍රාත්තුව රජය රන්ජන් රාමනායක මහතාට පවරා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ස්වාමීන් වහන්සේලා ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට මහත්වරු සම්බන්ධයෙන් ඉදිරිපත් වී සිටින්නේ ඔවුන් දෙදෙනා යුද්ධය අවස්ථාවේදී රටට ඉටු කළ මෙහෙය අමතක කළ නොහැකි බැවින් යැයි කී ගුණවර්ධන මහතා, ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවට පත් වන මන්ත්‍රීවරු කිසිවෙකු ආගමික නායකයින්ට නින්දා කිරීම කිසිසේත් පිළි ගත නොහැකි යැයි ද කීවේය.

ඉදිරියේදී රටට තීරණාත්මක පැයක් උදාවෙන බවත් ත්‍රස්තවාදී බියෙන් තොරව හුස්ම ගැනීමට හැකියාව ලැබුණු ජනතාව රණවිරුවන් දංගෙඩියට ගෙන යෑම වැළැක්වීමට ජාති, ආගම්, කුළ මල, පක්ෂ පාට බේදයෙන් තොරව එකතු වෙන බවත් ගුණවර්ධන මහතා පැවසීය.

හෙතෙම මේ අදහස් පළ කළේ බොරැල්ල ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ දී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේද කීවේය. සිල් රෙදි බෙදාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිවද නඩු පැවරිය හැකි බව ඇමැති රාජිත සේනාරත්න මහතා පවසනවා. එසේ නඩු දානවා නම් මුස්ලිම් ආගමික සංවර්ධන, බෞද්ධ ආගමික, කතෝලික ආගමික සංවර්ධන වැඩසටහන්වලට මෙන්ම සැත්කම් ආදියටද මුදල් වෙන් කිරීම ගැන එතුමා විරුද්ධව නඩු පවරන්න සිදු වෙයි.

යුද්ධය පවතින කාලයේ දී ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදා නායකයින් සහභාගී වෙන ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයෙක් ලෙස හිටපු ජනාධිපති ලේකම්වරයා එහි සඳහන් වන කරුණු සියල්ල සටහන් කර ගනිමින් දත්ත රැස් කරමින් එම කවුන්සිලයේ ප්‍රතිපත්ති තීරණ ගැනීමට දායක වුණා. ඒ සියලු ලියවිලි සකස් කරන්නට ඒ මහතා දායක වුණා. ඒ ‍වගේම යුද්ධය අවස්ථාවේදී රටේ සියලුම මාධ්‍ය එක් මතයකට ගෙන එන්නට මෙන්ම යුද්ධය ගැන වැරදි මත පැතිරයාම වැළැක්වීමට මාධ්‍ය මෙහෙයවීමට එවකට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා වශයෙන් අනුෂ පැල්පිට මහතා දායකත්වය දුන්නා. සිල් රෙදි නඩුව පවරා තිබෙන්නේ මැතිවරණ කාලයේ සිල් රෙදි බෙදීම කියලා නෙවෙයි. එසේ වුවා නම් මැතිවරණ කොමසාරිස්වරයාට ඒ කාලේ වලක්වන්න හැකියාව තිබුණා. නමුත් ප්‍රචාරය යවන්නේ මැතිවරණ සමයේ සිල් රෙදි බෙදීම ලෙසයි.

« PREV
NEXT »