BREAKING NEWS
latest

728x90

468x60

Saturday, September 02, 2017

මත් උවදුර මඬින අභියෝගය එස්ටීඑෆ් බාරගනී

ලෝක මත්ද්‍රව්‍ය ජාලය මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් බවට මෙරට පත් කර ගනිමින් සිදු කෙරෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන්ම මැඩපවත්වා මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ භාරදූර කාර්ය විශේෂ කාර්ය බළකාය වෙත බාර දුන් නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා හැකි නම් ඉතා කෙටි කාලයක් තුළ එම කර්තව්‍ය ඉ‍ටු කර පෙන්වන ලෙසට අභියෝගයක්ද ඉදිරිපත් කළේය.

අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම අභියෝගය බාර ගත් විශේෂ කාර්ය බළකාය මත්ද්‍රව්‍ය ජාවාරම ඉතා කෙ‍ටි කාලයක් තුළ මෙරටින් පළවා හැරීමට ක‍ටයුතු කරන බවට ඊයේ පොරොන්දු විය. විශේෂ කාරය බළකායේ 33 වැනි රණවිරු ගුණ සැමරුම කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා පුහුණු පාස‍ල් භුමියේදී පැවැත්විණි.

එහිදි මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ අමාත්‍ය සාගල රත්නායක මහතා මෙරට මත්ද්‍රව්‍ය ජාවරම් සම්බන්ධ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඊට සම්බන්ධ වුවන් නීතියට කොටු කර ගැනීමට මීට දින කිහිපයකට පෙර විශේෂ කාර්ය බළකාය යටතේ විශේෂ මෙහෙයුම් ඒකකයක් පිහිටුවීම පිළිබඳව කරුණු ඉදිරිපත් කරමින් මෙම අභියෝගය ඉදිරිපත් කළේය.

මෙම අභියෝගය බාර දුන් අමාත්‍ය සාගල රත්නායක මහතා විශේෂ කාර්ය බළකාය මෙතෙක් කාලයක් සිදු කර ඇති මෙහෙයුම් දක්ෂතා සැලකිල්ලට ගන්නා විට මෙම අභියෝගය එම බළකාය විසින් ඉටු කරන බවට විශ්වාසයද පළ කෙළේය.

සංවිධානාත්මක අපරාධ මැඩලීමේ පොලිස් කොට්ඨාසයක් විශේෂ කාර්ය බළකාය යටතේ පිහිටුවා මේ වන විට ඒ හරහා වැටලිම් ගණනාවක් සිදු කර ඇත.

කටුකුරුන්ද පුහුණු පාසලේ (01) දින පැවති විශේෂ කාර්ය බළකායේ 33 වැනි රණවිරු සැමරුම් උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කෙළේය. එහිදී රණවිරු ස්මාරකයට පළමුවෙන් පුෂ්ප උපහාර දැක්වීම අමාත්‍ය සාගල රත්නායක මහතා අතින් සිදු කෙරුණු අතර පසුව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශ ලේකම්, පොලිස්පති සහ සම්භාවනීය අමුත්තන් සහ දිවි පිදු රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් විසින් පුෂ්ප උපහාර දැක්වීම සිදු කරනු ලැබීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සාගල රත්නායක කියා සිටියේ විශේෂ කාර්ය බළකාය මෙරට ආරම්භ කළේ ත්‍රස්තවාදය සහ කැරලි මර්දනය සඳහා විශේෂ පුහුණුව ලද පොලිස් කණ්ඩායමක් ලෙස බවයි. කැරලි මර්දනය යනු අද පවතින උද්ඝෝෂණ, පෙළපාළි නොව රට තුළ ඇති වන කැරලි කොලහාල බව විශේෂයෙන් සිහිපත් කළ යුතු බව යැයි අමාත්‍යවරයා කියා සිටියේය. ඇතැම් අවස්ථා වලදී පැරා මිලිටරි කණ්ඩායමක් හෙවත් හමුදා පුහුණුව ලද එහෙත් හමුදාමය නොවන කණ්ඩායමක් ලෙස විශේෂ කාර්ය බළකාය හැඳින්වූ බවද අමාත්‍යවරයා එහිදී සිහිපත් කළා.

දිවංගත රවී ජයවර්ධන මැතිතුමාගේ සංකල්පයක් මත ඔහුගේ නායකත්වය යටතේ ආරම්භ වූ විශේෂ කාර්ය බළකාය ඔහුගේ දරුවෙකු ලෙස ඔහු විසින් ගොඩනැගූ බවත් අමාත්‍යවරයා කිය. විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරයෙකුගේ පුතෙකු උවත් ප්‍රසිද්ධ වේදිකාවට නොපැමිණ, ජායාරූප සහ කැමරා ඉදිරියේ පෙනී නොසිටීමෙන් ඔහු කැපවීමෙන් එම බළකාය ගොඩනැගූ බව අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කෙළේය. මෙම සැමරුම් උත්සවයට පොලිස්පති පූජිත් ජයසුන්දර , අමාත්‍යංශයේ ලේකම් පී විජේවීර, විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී එම්. ආර්. ලතී‍ෆ්, ශ්‍රි ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගණනාවක් ද විශේෂ කාර්ය බළකායේ මිය ගිය රණවිරුවන්ගේ මාපිය ඥාතින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට පැමිණ සිටියහ.
« PREV
NEXT »